පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට අදාළ කටයුතු අද(23) සිට ආරම්භ කිරීමට පියවර ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව, ඡන්ද පත්‍රිකාවලට අදාළ විස්තර දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් ලැබෙන පිළිවෙල අනුව ඒවා මුද්‍රණාලය වෙත යොමු කිරීමට නියමිත බවයි මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා සඳහන් කළා.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මැයි මස 06 වැනිදා පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පසුගිය 20 වැනිදා නිවේදනය කර සිටියා.