අනුරාධපුරයේ 5G තාක්ෂණය සහිත දුරකථන කුළුණු වලින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට හානියක් වන්නේද යන්න සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විශේෂ කමිටුවක් පත් කර තිබෙනවා.
විදුලි සංදේශ කුළුණු මගින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට හානි වන බවට පළවන වාර්තා විමර්ශනය කිරීම සඳහා අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් කළ විශේෂ ඉල්ලීමකට අනුව මෙම කමිටුව පත් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.
විදුලි සංදේශන නියාමන කොමිසමේ (TRC) සභාපති මහාචාර්ය නිරංජන් ගුණවර්ධන, ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය එස්ඒ ක්‍රිෂ්ණරාජා, TRC අතිරේක අධ්‍යක්ෂ ජනරාල් එච් රණතුංග සහ අනුරාධපුර ජී.ඒ. ජානක ජයසුන්දර යන මහත්වරුන්ගෙන් මෙම කමිටුව සමන්විත වේ.