රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව මුදල් අමාත්‍යාංශය ඉදිරිපිටදී අද (12) පෙරවරුවේ විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.
රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව පවසන්නේ දෙපාර්තමේන්තුගත විධායක නිලධාරීන්ගේ උසස්වීම් ගැටලුව විසඳීමට අදාල කැබිනට් පත්‍රිකාව අනුමත කිරීම යන මූලික ඉල්ලීම මත මෙම විරෝධතාව ක්‍රියාත්මක වන බවයි.
නව වැටුප් හා ආයතනික ව්‍යුහයක් වෙනුවෙන් ඉල්ලීම් කිරීම මෙම විරෝධතාවයේ අරමුණ බවද ඔවුන් පෙන්වා දෙනවා.
මෙම විරෝධතාව හේතුවෙන් කොටුව ලෝටස් පාර සම්පූර්ණයෙන්ම අවහිර වී දැඩි වාහන තදබදයක් නිර්මාණය වී තිබෙන බවද වාර්තා වෙනවා.