මෑත කාලයේ මෙරට තුළ පිහිටා ඇති සියළුම බන්ධනාගාර තුළ සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් සාධාරණ පරික්ෂණයක් කිරීම සඳහා වහාම කමිටුවක් පත් කරන ලෙස බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අමාත්‍යාංශ ලේකම්වරියට උපදෙස් දී ඇති බව වාර්තා වේ.
අතිරේක ලේකම්වරයෙකු සභාපතීත්වයෙන් යුතුව අදාල කමිටුව ආරම්භ කරන ලෙසත් බෝගම්බර බන්ධනාගාරයේ රැදවියන් පලායාම සහ රැඳවියෙකු මියයාම, මොණරාගල බන්ධනාගාරයේ රැඳවියෙකු මියයාම, මාතර බන්ධනාගාරයේ රැඳවියෙකුට පහරදීම, වැලිකඩ හා මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් උද්ඝෝෂණය කිරීම ඇතුළු සිදුවීම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස උපදෙස් ලබා දී ඇත.
අදාල කාරණා සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකර එම කමිටු වාර්තාව සති තුනක් ඇතුළත තමන්ට ලබාදෙන ලෙසත් අමාත්‍යවරිය උපදෙස් ලබා දී ඇත.