මේ වසරේ පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය නියාමනය කිරීම සඳහා කමිටුවක් පත්කරන බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
LPL තරඟාවලිය පවත්වා මාස 02 ක් ගත වුවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හිමිවිය යුතු රුපියල් කෝටි 16ක මුදල අයකර ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගෙන් විමසා සිටි අතර, එහි දී අමාත්‍යවරයා පැවසුවේ එම මුදල් අයකර ගැනීමේ කටයුතු සැලැස්මකට අනුව සිදුවන බවයි.
මෙම වසරේ LPL තරඟාවලිය ලබන අගෝස්තු මාසයේ දී පැවැත්වීමට තීරණය කර තිබෙන බව ද ක්‍රීඩා අමාත්‍යවරයා පාර්ලිමේන්තුවෙදී පැවසුවා.
එමෙන්ම මෙරට පැවැත්වෙන සියලු තරඟාවලි නියාමනයට ක්‍රමවේදයක් සකස් කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.