ලිංගිකත්වය මත ආන්තිකරණයට ලක්වන ප්‍රජාවන් රකිනවා..! – ජනපතිගෙන් පොරොන්දුවක්
ඊයේ (01) දින පැවති වෙනස්කොට සැලකීම් මුලිනුපුටා දැමීමේ ජාත්‍යන්තර දිනයට සමගාමීව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.
අදාල ට්විටර් පණිවුඩය මගින් ඔහු සදහන් කර ඇත්තේ සෑම පුද්ගලයකුගේම වයස, ස්ත්‍රී-පුරුෂ සමාජභාවය, ලිංගිකත්වය, වාර්ගිකත්වය, බාහිර පෙනුම සහ විශ්වාසයන් මත වෙනස්කොට සැලකීම් වලට ලක්නොවී අභිමානයෙන් ජීවත් වීමට ඇති අයිතිය වෙනුවෙන් තමා පෙනී සිටින බවයි.
ඒ අනුව, ලිංගිකත්වය සහ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පුද්ගලයින් අතර විවිධත්වයක් පවතින බවත්, ඔවුන් හට සමාජයේ අභිමානයෙන් යුතුව ජීවත් වීමේ අයිතියක් පවතින බවත් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයකු විසින් ප්‍රකාශ කළ පළමු වර මෙය වීම විශේෂත්වයක්.