31 C
Colombo
Saturday, November 16, 2024

වාර්තා අලුත් කළ මාලිමාවේ ජයග්‍රහණය

- Advertisement -

2024 මහමැතිවරණයෙන් ජාතික ජන බලවේගය ඓතිහාසික ජයග්‍රහණයක් සනිටුහන් කරනු ලැබුවා.

ඒ අනුව පක්ෂයක් මෙරට ඉතිහාසයේ මහමැතිවරණයකදි ලබාගත් වැඩිම ඡන්ද සංඛ්‍යාව වන 6,863,186ක් ලබාගැනීමට ජාතික ජන බලවේගයට සමත් වුණා.

ඒ මීට පෙර මෙරට ඉතිහාසයේ වැඩිම ඡන්ද සංඛ්‍යාව වන 2020දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත් ඡන්ද 6,853,690 වාර්තාව බිඳ දමමින්.

මහමැතිවරණයකදි පක්ෂයක් ලබාගත් වැඩිම ඡන්ද ප්‍රතිශතය ද මෙය වනවා.

එය 61.56%ක්.

මීට පෙර 2010දී එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් 60.33% ක් වු වැඩිම ඡන්ද ප්‍රතිශතය වාර්තා කර තිබුණා.

එමෙන්ම මහමැතිවරණයක වැඩිම දිස්ත්‍රික්ක ගණනක් ජයග්‍රහණය කිරීමට ද මෙවර ජාතික ජන බලවේගයට හැකි වුණා.

ඒ මඩකලපුව දිස්ත්‍රික්කය හැර සෙසු මැතිවරණ දිස්ත්‍රික්ක 21ම ජයග්‍රහණය කරමින්.

මීට පෙර 2010දී එක්සත් ජනතා නිදහස් සන්ධානය දිස්ත්‍රික්ක 19ක් දිනාගනිමින් තැබු වාර්තාව ද ඒ අනුව බිඳ වැටුණා.

එමෙන්ම ජාතික ජන බලවේගය මෙවර මහමැතිවරණයකදි ජයගත් වැඩිම ඡන්ද කොට්ඨාශ ගණනේ වාර්තාව පිහිටුවීමට ද සමත් වුණා.

එය ඡන්ද කොට්ඨාස 152ක් වන අතර මීට පෙර 2010දී එක්සත් ජනතා නිදහස් සන්ධානය කොට්ඨාශ 136ක් හිමි කරගෙන තිබුණා.

එමෙන්ම, 2020දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 128ක් දිනා ගනිමින් පිහිටුවා තිබු වාර්තාවද බිඳ දමමින් ජාතික ජන බලවේගය දිස්ත්‍රික් මට්ටමින් දිනාගත් වැඩිම ආසන ගණන වන ආසන 141ක් දිනා ගැනීමට මෙවර සමත් වුණා.

ඒ අනුව මහමැතිවරණයකදි වැඩිම ජාතික ලැයිස්තු ආසන ගණනක් හිමිවු පක්ෂය බවට ද ජාතික ජන බලවේගය ඉතිහාස ගත වනවා.

එනම්, ජාතික ලැයිස්තු ආසන 18ක් හිමි කරගනිමින් මීට පෙර 2020දී පොදුජන පෙරමුණ ලබාගත් ජාතික ලැයිස්තු ආසන 17 වාර්තාව ද බිඳ දමමින්.

ඒ අනුව, 159ක් වන මහමැතිවරණයක ජයග්‍රහණය කළ වැඩිම ආසන ගණන ලබාගැනීමට ජාතික ජන බලවේගයට හැකි ව තිබෙනවා.

මීට පෙර 2020දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමි වුයේ ආසන 145ක් පමණයි.

සමානුපාතික ක්‍රමය යටතේ පාර්ලිමේන්තුවේ ආසන 225න් 2/3ක් ආසන තනි පක්ෂයක් විසින් දිනාගත් පළමු අවස්ථාව ද මෙය වනවා.

RECENT ARTICLES - SINHALA

කොළඹ – කතරගම ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා එල්ල වී තිබෙනවා. හම්බන්තොට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ හුංගම වේල්ල...

දිස්ත්‍රික්ක 5ක නායයෑම් අවදානම තවදුරටත්

දිස්ත්‍රික්ක 5ක් වෙත පනවා ඇති නායයෑමේ අනතුරු ඇඟවීම හෙට පස්වරු 4 දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව...

විදෙස් නිරීක්ෂකයන්ගේ අවසන් වාර්තාව කොමිසමට

මහමැතිවරණය නිරීක්ෂණය සඳහා මැතිවරණ කොමිසමේ ආරාධනයෙන් දිවයිනට පැමිණි විදෙස් නිරීක්ෂකයින් සිය අවසන් වාර්තාව භාර දී තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේ දී ඔවුන් අදාළ වාර්තාව මැතිවරණ...

POPULAR ARTICLES