25 C
Colombo
Friday, November 29, 2024

භෝග හානියට වන්දි ලැබෙන්නෙ මෙහෙම

- Advertisement -

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විනාශ වූ භෝග වගාවන් සඳහා වන්දි ලබාදෙන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා.

ඔහු පවසන්නේ, වී, බඩඉරිඟු, අර්තාපල්, සෝයා බෝංචි, මිරිස් සහ ලොකු ලූනු වගාවන් සඳහා වන්දි ලබාදීමට තීරණය කර ඇති බවයි.

ඒ අනුව අක්කරයක් සඳහා රු 40,000ක උපරීමයකට යටත්ව එම වන්දිය ලබාදීමට කටයුතු කරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පවසනවා.

රට තුළ අයහපත් කාලගුණ තත්ත්වය අඩුවීමෙන් අනතුරුව වගා හානි පිළිබඳ දත්ත රැස්කර, එම වන්දි ගෙවීම සිදුකරන බව ද ඔහු කියා සිටියා.

එසේම විනාශ වී ඇති, පැළ ගොයම සඳහා ගොවීන්ට නොමිලේ බිත්තර වී ලබාදීමේ ක්‍රමවේදයක් සම්බන්ධයෙන් ද සාකච්ඡාවක් පවතින බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

ඉහත දැක්වූ භෝග ඇරුණු කොට උඩරට හා පහතරට එළවළු ගොවීන්ට හා පලතුරු ගොවීන්ටත් විශාල වශයෙන් හානි සිදුව ඇතැයි පැවසු නාමල් කරුණාරත්න මහතා, ඔවුන්ටත් යම් සහනයක් ලබාදීමට නියමිත බවද කියා සිටියා.

RECENT ARTICLES - SINHALA

අල්ලස් ගත් ස්ථානාධිපතිවරයෙක් අත්අඩංගුවට

අල්ලස් ගත් බවට සිදුකළ විමර්ශනයකින් අනතුරුව මීගමුව කොට්ඨාස වංචා විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මෝටර් රථයක් සම්බන්ධයෙන් සිදුවූ ආරවුලකට අදාලව...

අයහපත් කාලගුණය ජීවිත 15ක් බිලි අරන්

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය මඟින් දිවයිනේ කාලගුණ පද්ධතියට සිදු වු බලපෑම අදින් පසුව අඩුවනු ඇතැයි අපේක්ෂා කරන බව කාගුණවිද්‍යා...

ජපානෙන් ලංකාවට තෑග්ගක්

ජපාන රජය විසින් පරිත්‍යාග කළ ඇමෙරිකානු ඩොලර් මිලියන 8.4 ක් වටිනා භාණ්ඩ සහ උපකරණ තොගයක් සංක්‍රමණිකයන් සදහා වූ ආයතනයේ මැදිහත් වීම මත කටුනායක ගුවන්...

POPULAR ARTICLES

ලංකාවට හෙට ලකුණු 413ක ඉලක්කයක්

සංචාරක ශ්‍රි ලංකා - දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය වන අද (29) දිනය නිමාවට පත්වන විට දෙවෙනි ඉනිමට පන්දුවට පහ‍ර දෙමින් සිටි...