26.6 C
Colombo
Thursday, December 12, 2024

මේජර් ජෙනරල් ජානක පෙරේරා ඝාතනය ගැන පැමිණිල්ලක්

- Advertisement -

මේජර් ජෙනරල් ජානක පෙරේරා ඝාතනය පිළිබඳව විධිමත් විමර්ශනයක් අවශ්‍ය බව පවසමින් ඥාතීන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයට අද (11) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඔවුන් මේ පැමිණිල්ලෙන් පෙන්වා දී තිබෙන්නේ අදාළ ඝාතනය සැක සහිත බවයි.

2008 වසරේ ඔක්තෝබර් 6 වැනිදා අනුරාධපුරයේදී එල්ලවූ බෝම්බ ප්‍රහාරයකින් මේජර් ජෙනරල් ජානක පෙරේරා මහතා ඔහුගේ බිරිඳ ඇතුළු 28 දෙනෙකු ඝාතනයට ලක්වුණා.

කීර්තිමත් හමුදා නිලධාරියෙකු වූ ජානක පෙරේරා මහතා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානියා ලෙස සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව විදේශ රාජ්‍ය තාන්ත්‍රික සේවයේ කලක් කටයුතු කර තිබුණා.

අනතුරුව ඔහු උතුරු මැද පළාත් මහ ඇමති අපේක්ෂකයා ලෙස තරග කිරීමට ඉදිරිපත්වූයේ එවක ආණ්ඩු පක්ෂයට ප්‍රතිවිරුද්ධ පක්ෂයෙන්.

මැතිවරණ ව්‍යාපාරය අතරතුර අනුරාධපුර පිහිටි ඔහුගේ පක්ෂ කාර්යාලයේදී එල්ලවූ බෝම්බ ප්‍රහාරයකින් ජානක පෙරේරා මහතා ඇතුලු 28 දෙනා ඝාතනයට ලක්වුණා.

එවක ප්‍රකාශ වූයේ, මෙම ඝාතන LTTE මරාගෙන මැරෙන ප්‍රහාරයක් බවයි.

නමුත් අද මහජන ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණි ජානක පෙරේරා මහතාගේ සොහොයුරෙක් හා ඥාති පුත්‍රයෙකු පැමිණිල්ලක් ගොනුකරමින් කියා සිටියේ මෙම ඝාතනය සැක සහිත බවයි.

RECENT ARTICLES - SINHALA

ගෑස් එක පුපුරන් මුස්තාපා ආවේ මෙහෙම

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සන්ධාන පක්ෂ සඳහා වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා පත් කිරීම සම්බන්ධයෙන් පැහැදිලි කරමින් එම පක්ෂ ලේකම්...

අස්වැසුම ප්‍රතිලාභීන්ට විශේෂ දැනුම්දීමක්

සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් දෙසැම්බර් මසට අදාල අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනාව 2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා එනම් හෙට දිනයේදී අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්...

පාරිභෝගික සේවා අධිකාරිය පිටකොටුවේ පස්වෙනි හරස් වීදිය වටලලා

පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් අද (11) දහවල් පිටකොටුව පස්වෙනි හරස් වීදියේ සහල් තොග වෙළෙඳසැල් පරීක්ෂා කර තිබෙනවා. ඒ එම වෙළෙඳසැල්වල සහල් සඟවාගෙන සිටීම ඇතුළු...

POPULAR ARTICLES

ගෑස් එක පුපුරන් මුස්තාපා ආවේ මෙහෙම

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සන්ධාන පක්ෂ සඳහා වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා පත් කිරීම සම්බන්ධයෙන් පැහැදිලි කරමින් එම පක්ෂ ලේකම්...

දකුණු කොරියාවේ හිටපු ආරක්ෂක ඇමති සියදිවි නසා ගන්න හදලා

දකුණු කොරියාවට හමුදා නීතිය පැනවීමේ සිදුවීමට සම්පූර්ණ වගකීම බාරගත් එරට හිටපු ආරක්ෂක අමාත්‍යවරයා වන කිම් ජොන් හියුන් ඔහු රඳවා සිටි රැඳවුම් මධ්‍යස්ථානයේදී සියදිවි නසා...