වැඩි මිලට සහල් විකුණන ස්ථාන වැටලීම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කොතකුත් සිදුකළ ද එවැනි වෙළෙඳසල්වලින් ජනතාව සහල් මිල දී ගැනීම සිදුවන්නේ යැයි එම අධිකාරියේ පාරිභෝගික කටයුතු සහ තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා ට මව්බිම පුවත්පතට පවසා තිබෙනවා.
පාරිභෝගික අයිතීන් පිළිබඳව ජනතාව දැනුවත් වීම වැදගත් යැයි ද වැඩි මිලට සහල් විකුණන වෙළෙඳසල් ප්‍රතික්ෂේප කිරීමෙන් ජනතාව සහාය විය යුතු බවයි ඔහු පවසන්නේ.
දැනුවත් කිරීම් සම්බන්ධයෙනුත් ජනතාව ලොකු උනන්දුවක් නොමැති බවත් නොදැනුවත්කම නිසා ම ඒවාට හසුවන බවත් තොරතුරු අධ්‍යක්ෂවරයා පවසනවා.
රිභෝගික භාණ්ඩ සම්බන්ධ සිදුවන අනීතික ක්‍රියා වළක්වා ගැනීම සඳහා රාත්‍රී කාලයේ ද විශේෂ වැටලීම් කරන බව අසේල බණ්ඩාර මහතා
අවධාරණය කළා.
මේ අතර, උත්සව සමයේ පාරිභෝගිකයන් බහුලව නොමඟ යැවීම සිදුවන බව ත් භාණ්ඩවල තොරතුරු වෙනස් කිරීම්, කල්ඉකුත් වූ දින වෙනස් කිරීම, ලේබලයේ තියෙන දේ ඇසුරුම්වල නොමැති වීම, ප්‍රදර්ශනය කරන මිලට වඩා භාණ්ඩයේ මිල වැඩි වීම, කොන්දේසි පොඩි අකුරෙන් දමා තිබීම වැනි තත්ත්ව නිරීක්‍ෂණය වන බව ත් ඔහු පැවසුවා
සතියේ දිනවල කාර්යාල වේලාවන්වලදී පමණක් 1977 දුරකථන අංකයෙන් පැමිණිලි සහ දැනුවත් වීම් ලබාගත හැකි යැයි තොරතුරු අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළා.