ප්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ විසින් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමට එරෙහිව නඩුවක් ගොණු කිරීමට සූදානමෙන් සිටිනවා.
අධිකරණයට අපහාස කිරීම යටතේ චමුදිතට එරෙහිව මේ වන විටත් නීතිපති දෙපාර්තුමේන්තුවට සහ පොලිසියට පැමිණිලි කර ඇති බවයි චන්දිමාල් ජයසිංහ වෙනුවෙන් පෙනී සිටින නීතීඥ මංජු ශ්‍රී චන්ද්‍රසේන මහතා පවසන්නේ. එමෙන්ම උසාවි වාර නැවත ආරම්භ වූ වහාම නඩුවක් පැවරීමට සූදානමෙන් සිටින බවත් ඔහු පවසනවා.
උපන්දින සාදයක් පැවැත්වූ චන්දිමාල් ජයසිංහ හට ඇප ලබා දීම සම්බන්ධයෙන් විවේචනය කරමින් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සිදු කරන ලද අදහස් දැක්වීමක් මීට පදනම් වී ඇති බවයි පැවසෙන්නේ.
එමෙන්ම, මීට අමතරව නිරෝධායන රෙගුලාසීන් උල්ලංඝණය කරමුන් මුහුණු ආවරණයක් නොපැළඳ, සමාජ දුරස්ථභාවය පවත්වා නොගනිමින් චමුදිත විසින් යූ ටියුබ් නාලිකාවක සකච්ඡාවකට එක් වීම සම්බන්ධයෙන් තවත් පැමිණිල්ලක් ගොනු කර ඇති බවත් නීතීඥ මංජු ශ්‍රී චන්ද්‍රසේන මහතා පවසනවා.
සබැඳි පුවත්..