ජනාධිපතිවරණයට අදාළව ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 566 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මැතිවරණ කොමිසම පැවසුවේ පසුගිය ජූලි 31 වැනිදා සිට මේ මස 17 වැනිදා දක්වා කාලය තුළ එම පැමිණිලි ලැබී ඇති බවයි.
සිකුරාදා පස්වරු 4.30 සිට සෙනසුරාදා පස්වරු 4.30 දක්වා වු පැය 24 ක් තුල ජනාධිපතිවරණයට අදාලව ලැබී ඇති පැමණිලි ගණන 47 ක්.
ඉන් පැමිණිලි 39 ක් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් වන බව සඳහන් වනවා.
මේ අතර, ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 16 ක් ලැබී ඇතැයි පොලිසිය පවසනවා .
පොලිසිය පැවසුවේ, මැතිවරණ නීති උල්ලංඝණය කිරිම් හා ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් එම පැමිණීලි ලැබී ඇති බවයි.
මෙවර මැතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය සේවකයින් දෙලක්ෂයත්, දෙලක්ෂ විසි පන් දහසත් අතර සංඛ්‍යාවක් යෙදවීමට නියමිත බව ජාතික මැතිවරණ කොමිසම පවසනවා.
එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ ඡන්ද මධ්‍යස්ථාන 13,000 ක ඡන්ද විමසීම සිදුකෙරෙන බවයි.
මේ අතර මේ වනවිට සියලු අපේක්ෂකයින් සඳහා ඡන්ද සලකුණු නිකුත් කර ඇතැයි ද සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළා.