29 C
Colombo
Friday, January 10, 2025

වී අස්වනු මිලදී ගන්න සහනදායී ණයක්

- Advertisement -

මහ කන්නයේ වී අස්වනු මිලදීගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති වෙත සහනදායී පොළී අනුපාතයක් යටතේ ඔඩපණ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන බව සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.

වී ගොවීන් වෙත සාධාරණ මිලක් ලබාදීමේ අරමුණින් 2024/2025 මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීම මෙම ණය යෝජනා ක්‍රමයක් ආරම්භ කර තිබෙනවා.

මෙහි ඉලක්කගත කණ්ඩායම් වනුයේ උපරිම දෛනික වී කෙටීමේ ධාරිතාවය මෙ.ටො. 25කට යටත්වන සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිතියි.

කෙසේ නමුත් අදාළ රාජ්‍ය ආයතනයකින් ලබාගත් ව්‍යාපාර ලියාපදිංචි සහතිකයක් සියලු ණය ඉල්ලුම්කරුවන් සතුව පැවතිය යුතු බව සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම ණය යෝජනා ක්‍රමය යටතේ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියකුට හෝ සමුපකාර සමිතියකට රු.මි. 50ක උපරිම ණය මුදලක් 7%ක වාර්ෂික පොළී අනුපාතයක් යටතේ ලබාගත හැකියි.

එම ණය මුදල දින 180ක් තුළ ගෙවා අවසන් කළ යුතු වනවා.

මෙම ණය යෝජනා ක්‍රමය තෝරාගත් බැංකු කිහිපයක් හරහා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

එම බැංකු වන්නේ,

ලංකා බැංකුව
මහජන බැංකුව
ප්‍රාදේශීය සංවර්ධන බැංකුව
රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව
හැටන් නැෂනල් බැංකුව
සෙලාන් බැංකුව
සම්පත් බැංකුව
කොමර්ෂල් බැංකුව
ඩී.එෆ්.සී.සී. බැංකුව
ජාතික සංවර්ධන බැංකුව
නේෂන්ස් ට්‍රස්ට් බැංකුව
සණස සංවර්ධන බැංකුව
යුනියන් බැංකුව
පැන් එෂියා බැංකුව
අමානා බැංකුව
කාර්ගීල්ස් බැංකුව

මෙම ණය යෝජනා ක්‍රමය යටතේ බැංකු හරහා නිදහස් කිරීමට නියමිත මුළු ණය මුදලේ වටිනාකම රු.මි. 10,000ක්.

ගොවීන්ගේ වී අස්වැන්න සඳහා සාධාරණ මිලක් තහවුරු කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරනු ලබන අවම මිලක් යටතේ වී මිලදී ගැනීමට සැලසුම් කර තිබෙනවා.

2024 දෙසැම්බර් 30 දින අමාත්‍ය මණ්ඩලය මගින් ගනු ලැබූ තීරණයකට මෙම ණය යෝජනා ක්‍රමය ආරම්භ කෙරේ.

එය මෙම වසරේ ජනවාරි මස 03 දින සිට මැයි මස 15 දින දක්වා ක්‍රියාත්මක කරන බවද සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.

RECENT ARTICLES - SINHALA

චම්පිකට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කෙරේ

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී බරපතල රිය අනතුරක් සිදුකිරීමේ චෝදනාව එල්ල වී සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව...

සිසුවියක් අපයෝජනය කළ ගුරුවරයෙක් ගැන පරීක්ෂණ

16 හැවිරිදි සිසුවියකගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ පට ගෙන්වා ගෙන අපයෝජනයට ලක් කළ බවට සැක කෙරෙන පාසල් ගුරුවරයෙක් සම්බන්ධයෙන් දිවුලපිටිය පොලිසිය මගින් විශේෂ විමර්ශනයක්...

ජනාධිපතිවරණ නීති කඩපු අය අත්අඩංගුවට ගත්තේ නැත්තේ කාට හරි බයේද?

ජනාධිපතිවරණය අවසන් වී මාස හතරක් ගත වූ පසුව ජනාධිපතිවරණ පනත උල්ලංඝණය කරමින් මැතිවරණ පොස්ටර් ඇලවූ බවට චෝදනා කරමින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නේ...

POPULAR ARTICLES