29 C
Colombo
Saturday, July 6, 2024

සාමවිනිසුරු පත්වීම් සඳහා කොන්දේසි ලිහිල් කෙරේ

- Advertisement -

සාම විනිසුරු පත්වීම් ලබා ගැනීම සඳහා අධ්‍යාපන සුදුසුක​ම් ලෙස නියමකර තිබූ අ.පො.ස උසස් පෙළ විභාගයෙන් විෂයන් තුනක් සමත් වීමේ කොන්දේසිය අ.පො.ස සාමාන්‍ය පෙළ දක්වා අඩුකර තිබෙනවා.

අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා විසින් ඉකුත් නොවැම්බර් 27දා නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයකින් සාම විනිසුරු පත්වීමක් දීමේ අධ්‍යාපන සුදුසුකම ලෙස උසස් පෙළ විෂයන් තුනක් සමත් විය යුතු බව නියම කර තිබුණා.

එම නියමය සංශෝධනය කරමින් අධිකරණ අමාත්‍යවරයා විසින් තවත් අති විශේෂ ගැසට් නිවේදයක් ඉකුත් 13 දිනයෙන් නිකුත් කරමින් සාම විනිසුරු පත්වීම් දීමේදී අධ්‍යාපන සුදුසුකම ලෙස අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් වාර දෙකකට නොවැඩි වාර ගණනකදී සම්මාන සාමාර්ථ දෙකක් සහිතව විෂයන් 06ක් සමත් විය යුතුබව නියමකර තිබෙනවා.

කෙසේවෙත​ත් එම සුදුසුකම නොමැති අයෙක් වුවද ඔහු ප්‍රජාව වෙත කළ ආදර්ශවත් සේවයක් සලකා සාම විනිසුරුවරයෙකු ලෙස පත් කිරීමට යෝග්‍ය බවට කීර්තිමත් ආගමික නායකයෙක් හෝ සමිති සභාපතිවරයෙක් නිර්දේශ කරන්නේ නම් අධිකරණ අමාත්‍යවරයාට ඒ බව සළකා එම තැනත්තා සාම විනිසුරුවරයෙකු ලෙස පත්කළ හැකි බවද ගැසට් නිවේදනයේ සඳහන් වනවා.


RECENT ARTICLES - SINHALA

ලාංකිකයින් 11ක් අරාබියෙන් පිටුවහල් කරලා

එක්සත් අරාබි එමීර් රාජ්‍ය තුළ සයිබර් අපරාධවල නියැලීම හේතුවෙන් එරටින් පිටුවහල් කල ශ්‍රී ලාංකිකයින් 11 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය...

යෙහෙළියක් ගෙනා අත්තන ඇට කෑමට ගත් සිසුන් 7ක් රෝහලේ

වැලිකන්ද අසේලපුර මහා විද්‍යාලයේ සිසුවියක ගෙනා අත්තන ඇට කෑ එම විද්‍යාලයේ සිසුන් හත් දෙනෙකු ප්‍රතිකාර සඳහා ඊයේ (5) දහවල් වැලිකන්ද රෝහලට ඇතු ළත් කර...

ඊළඟ ඡන්දෙට ඇඟිලි පාට කරන්න ඕනේ නැහැ – පැෆරල්

මැතිවරණයකදී ඇඟිලි පාට කිරීමේ ක්‍රමවේදය තවදුරටත් අනවශ්‍ය බව ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ සභාපති පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසනවා. ‘මව්බිම’ වෙත ප්‍රකාශයක් ලබා...

POPULAR ARTICLES

අපිට හැමෝම හොරා හොරා කියලා බනිනවා – නාමල්

තාක්ෂණය සමඟ බද්ධ වුණු රාජ්‍ය යාන්ත්‍රණයක් සහ රාජ්‍ය පාලනයක් නිර්මාණය කිරීම තුළින් වංචාව හා දූෂණය අවම කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව පොහොට්ටුවේ...

රත්නපුර නගරය අඳුරු වෙයිද?

වීදී ලාම්පු සදහා රත්නපුර මහ නගර සභාව ඇතුළු රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවලින් විදුලි බල මණ්ඩලයට අයවිය යුතු රුපියල් මිලියන ගණනක මුදල් නොගෙවීම නිසා...

අද රාත්‍රියේ සිට පැය 18ක ජල කප්පාදුවක්

අද (04) රාත්‍රී 9 සිට පැය 18ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය පවසන්නේ කොළොන්නාව නගර සභා බල සීමාව,...