25 C
Colombo
Wednesday, January 8, 2025

“පල්ලියෙන් බිරිඳට පූජාව නොදුන් නිසා බෝම්බයක් තිබ්බා” – සැකකරුගේ පාපොච්ඡාරණය

- Advertisement -

බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ පුපුරායන ආකාරයට අත්බෝම්බයක් අටවා තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 75 හැවිරිදි විශ්‍රාමික වෛද්‍යවරයා විසින් ඒ සඳහා සැලසුම් කළේ තමා බවට කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ පිළිගෙන ඇති බව වාර්තා වනවා.

ඔහු එම දේවස්ථානය සමග ද්වේෂයකින් පසුවූ බව දැනට සටහන් කරගත් ප්‍රකාශවලින් හෙළිවී ඇති වී ඇති බවත් එමෙන්ම මීට පෙර නාරහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක අත්බෝම්බයක් තැබීමේ සිද්ධියට ඔහුගේ සම්බන්ධයක් ඇතැයි කියන කරුණ පිළිබඳවත් ඔහු හෙළිකර තිබෙන බවත් පොලිසිය පවසනවා.

තමන් සියලු සාන්තුවරුන්ගේ දෙවස්ථානයේදී 1974 වසරේදී බෞද්ධ කාන්තාවක් සමග විවාහ වූ බවත් එහිදී තම බිරිඳ බෞද්ධවීම හේතුවෙන් එවකට දේවස්ථානයේ සිටි පූජකවරයා විසින් තමන්ට උදෑසන කාලයේදී විවාහ මංගල උත්සවයට අදාළ පූජාව ලබානොදීම නිසා තමන් සිත් තැවුලෙන් සිටි බවත් ඔහුගෙන් දීර්ඝ ලෙස සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇති බව පොලිසිය පවසනවා

ඒ හේතුවෙන් අදාළ වෛද්‍යවරයා විසින් සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයට ඔහුගේ සගයා ලවා බෝම්බය තැබූ බවට පාපොච්චාරණය කළ බවයි පොලිසිය පවසන්නේ.

එමෙන්ම, තම බිරිඳ දැඩිව රෝගීව සිටියදී කොම්පඤ්ඤවීදියේ පිහිටි පෞද්ගලික රෝහලකට ප්‍රතිකාර සඳහා ඇතුළත් කිරීමට උත්සහ කළද ඇයව ඇතුළත් කරගැනීම එම රෝහල ප්‍රතික්ෂේප කළ බවත් අනතුරුව නාරාහේන්පිට බෝම්බය තැබූ පෞද්ගලික රෝහල මගින් අදාළ කාන්තාව ප්‍රතිකාර සඳහා ඇතුළත් කරගෙන ප්‍රතිකාර කළද ඇය එහිදී මියගොස් ඇති බව එහිදී අනාවරණය වී ඇති බවත් පොලිසිය පවසනවා

එම රෝහල මගින් තම බිරිඳට හොඳින් ප්‍රතිකාර කිරීම නිසා රෝහලට ප්‍රසිද්ධියක් ලබාදීම වෙනුවෙන් සැකකරු බොරැල්ලේ දේවස්ථානයට බෝම්බය තැබූ තම සගයා ලවා එම රෝහලට ද බෝම්බය තැබූ බවත් ඒ වෙනුවෙන් අදාළ පුද්ගලයාට විටින්විට මුදල් ලබාදී ඇති බවත් විශ්‍රාමික වෛද්‍යවරයා පැවසූ බව පොලිසිය පවසනවා.

එමෙන්ම ඔහු තම අතෙහි ඇඟිල්ලක මුද්දක් දමාගෙන සිට ඇති අතර සිය බිරිඳට වූ අසීමිත ආදාරය හේතුවෙන් එම මුද්දට බිරිඳගේ මිනී අළු දමා එය සකස් කර ඇති බවත් ඔහු විසින් පොලීසිය හමුවේ පවසාැති බවයි වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

ජනාධිපති ලේකම් කාර්යාලයේ අතුරුදහන් වුන භාණ්ඩ ගැන විමර්ශණයක්

ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය සතුව තිබූ රුපියල් මිලියන 162ක භාණ්ඩ අස්ථානගත වීම සම්බන්ධයෙන් වහාම විමර්ශන කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්...

චීනයේ පැතිරෙන HMPV වෛරසය ගැන පැහැදිලි කිරිමක්

චීනයේ පැතිරෙන HMPV වෛරස පිළිබඳව අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නොමැති බවත් මෙම වෛරසය අලුත් වෛරසයක් නොව අවුරුදු 20ක් පුරාවටම පැවති වෛරසයක් බව...

අතරමග නතර කළ ව්‍යාපෘති යළි පටන් ගන්න ජපන් සහය

වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ තාවකාලිකව නවතා තිබෙන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට රජය සමග සාකච්ඡා කරන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමාටා අකියෝ...

POPULAR ARTICLES