කළහකාරී ලෙස හැසිරෙමින් නියමිත කාලයෙන් පසුව කොළඹ වරාය නගරයට ඇතුළුවීමට උත්සාහ කළැයි චෝදනා මත ඊයේ (14 ) පස්වරුවේදී පුද්ගලයින් දෙදෙනෙකු කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.
පස්වරු 6.00 ට කොළඹ වරාය නගරයේ පිවිසුම වසා දැමීම නිසා අද එහි පැමිණි විශාල පිරිසකට ඇතුළු වීමට අවස්ථාව නොලැබීම නිසා ඇතිවූයේ උණුසුම් තත්ත්වයක්.
ඒ වනවිට වරාය නගරය තුළ සිටි පිරිසට ද පිටතට පැමිණීමට නොහැකි අයුරින් පිවිසුම දොරටුව වසාදමා තිබුණි.
පොලිසිය ද එම ස්ථානයට කැදවා තිබූ අතර, කළහකාරී ලෙස හැසිරුණු බවට චෝදනා මත එහිදී දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.