27.7 C
Colombo
Tuesday, April 8, 2025

විදුලි බලේ හිටපු සභාපති ආණ්ඩුවේ ගැහිලි ගැන අද කළ හෙළිදරව්වේ වීඩියෝ මාධ්‍යයට නෑ..!

- Advertisement -

පසුගිය නොවැම්බර් 27 වෙනිදා හෝ ඊට ආසන්න දිනයකදී ජනාධිපතිවරයා විසින් තමන්ව කැඳවා මන්නාරම සුළං විදුලි බලාගාරය ඉන්දියාවේ ප්‍රකට සමාගමක් වන ආදානි සමාගමට ලබාදෙන්නැයි පැවසූ බව ලංකා විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති එම්. එම්. සී ෆර්ඩිනැන්ඩු මහතා විසින් කෝප් කමිටුවට සිදු කළ ප්‍රකාශය හේතුවෙන් සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට ඔහුට සිදුවිය.

කෙසේ නමුත් අද (23) දිනයේත් එම්. එම්. සී ෆර්ඩිනැන්ඩු මහතා කෝප් කමිටුව හමුවට කැඳවනු ලැබූ අතර එහිදී ඔහු විසින් සිදුකරන ලද බරපතල ආන්දෝලනාත්මක හෙළිකිරීම් හේතුවෙන් ඔහුගේ ප්‍රකාශයේ වීඩියෝ දර්ශන මාධ්‍යට නිකුත් කිරීමට නොහැකි බව කෝප් කමිටුව පවසනවා.

මෙතෙක් සිදුවූ පිළිවෙත වූයේ පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා වාරයකින් පසුව ඊට අදාල වීඩියෝ දර්ශන පාර්ලිමේන්තුව විසින් මාධ්‍ය වෙත නිකුත් කිරීම වන නමුත් මෙවර එම්. එම්. සී ෆර්ඩිනැන්ඩු මහතා විසින් තමන්ට ඉල්ලා අස්වීමට සිදුවූ හේතූන් සම්බන්ධයෙන් ද, විදුලි බල මණ්ඩලයට ආණ්ඩුවෙන් ඇති බලපෑම් සම්බන්ධයෙන් සහ මෙරට විදුලි බල ක්ෂේත්‍රයට ඉන්දියාවෙන් ඇති බලපෑම් සම්බන්ධයෙන් ඇතුලු බරපතල හෙළිදරව් කිරීම් රාශියක් සිදු කළ බැවින් මෙවර එම වීඩියෝ දර්ශන මාධ්‍යයට හෙළි නොකරන බවයි කෝප් කමිටු සභාපතිවරයා පවසන්නේ.

අදාල ප්‍රකාශ වල බරපතල බව සලකා ඒ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් සමඟ ඡායාරූප පමණක් මාධ්‍ය වෙත නිකුත් කෙරෙනු ඇති බවයි පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති චරිත හේරත් මහතා පවසන්නේ.


RECENT ARTICLES - SINHALA

දෙවුන්දර වෙඩිතැබීමට අදාළ වෙඩික්කරු මාට්ටු

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපස සිංහාසන මාර්ගයේදී පසුගියදා තරුණයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ අවශ්‍ය කර සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (07) එම...

නීතිවිරෝධීව දේපල උපයාගත් අයට වැඩ වරදියි

අද (08) පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළා. ඒ අනුව, අද දිනයේ 2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ පනත...

ප්‍රදේශ රැසකට අද තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.  එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ,...

POPULAR ARTICLES

දෙවුන්දර වෙඩිතැබීමට අදාළ වෙඩික්කරු මාට්ටු

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපස සිංහාසන මාර්ගයේදී පසුගියදා තරුණයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ අවශ්‍ය කර සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (07) එම...

ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ බටහිර අචේහ් (Aceh) ප්‍රාන්තයේ භූ කම්පනයක් හටගෙන තිබෙනවා. එහි ප්‍රබලත්වය සටහන්වී ඇත්තේ රික්ටර් මාපකයේ ඒකක 5.9ක් ලෙසයි. අද (08) අලුයම 2.48ට පමණ භූ කම්පනය හට ගෙන තිබෙනවා. භූ...

ඇමෙරිකාවෙන් චීනයට අනතුරු ඇඟවීමක්

අමෙරිකාවේ භාණ්ඩ මත චීනය විසින් පනවා ඇති තීරු බදු ඉවත් නොකළහොත් චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා අමතර 50%ක බද්දක් පනවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ට්...