33 C
Colombo
Saturday, December 28, 2024

කොරෝනාවෙන් පණ ලබන සිය දිවි නසාගන්නෝ

- Advertisement -

කොවිඩ් වසංගතයෙන් හටගත් සමාජ ආර්ථික බලපෑම් හමුවේ ලෝකය පුරා පැතිරී යන තවත් සමාජ ඛේදවාචකයක් බවට සිය දිවි නසාගැනීම් පත්ව තිබේ. ඊට සංවර්ධිත හෝ සංවර්ධනය වෙමින් පවතින යන සන්නාමය අදාළ නැත. සංවර්ධිත රටවලින් වැඩිම දිවිනසා ගැනීම් ප්‍රමාණයක් වාර්තා වෙමින් තිබී එයින් ගැලවුණු ජපානය නැවතත් එම ඛේදවාචකයටම මුහුණ දී සිටීම ඊට ප්‍රමුඛ නිදසුනකි.

ජපාන ජාතික පොලිස් ඒජන්සි වාර්තාවලට අනුව 2020 වසරේ නොවැම්බර් මාසයේ සිය දිවිනසාගැනීම් 1798 ක් වාර්තා වී ඇති අතර එය 2019 වසරේ නොවැම්බරයට සාපේක්ෂව සියයට 11ක වර්ධනයකි. මෙම තත්ත්වය වර්ධනය වී ඇති බව කියන්නේ 2020 ජූලි මාසයේ සිටය. එනම් කොවිඩ් දෙවැනි රැල්ලත් සමගය. පසුගිය වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා ජපන් ජාතිකයන් 19 101 ක් සිය දිවි නසාගෙන තිබේ.

මෙම තත්ත්වය හමුවේ ජපානයේ සෞඛ්‍ය කම්කරු හා සුබසාධන අමාත්‍යාංශය මගින් සිය පුරවැසියන්ගේ දුක කීම සඳහා වෙනම දුරකථන අංක, සමාජ මාධ්‍ය හා වෙබ් අඩවි පවා පිහිටුවා ඇතැයි නිපොන් ඩොට් කොම් වෙබ් අඩවිය පවසයි. ඊට අනුව වැඩිම සිය දිවි නසාගැනීම් වාර්තා වන දිස්ත්‍රික්ක අතර ටෝකියෝ, කනගාවා, සයිතාමා, අයිචි, චිබා, ෆුකුඕකා වේ. බී.බී.සී ටෝකියෝ පුවත් සේවයේ වාර්තාවකට අනුව මෙවර සිය දිවි නසාගැනීමේ ප්‍රවණතාව ජපානයේ මීට පෙර පැවති අර්බුද පිළිබඳව සලකා බලද්දී හාත්පසින් ම වෙනස්ය.

‘2008 දී මුහුණ දුන් බැංකු අර්බුදය සහ 90 දශකයේ මුල් භාගයේ දී ඇති වූ දේපල වෙළෙඳාම සහ කොටස් වෙළෙඳපොළ කඩා වැටීම මගින් වැඩි වශයෙන් පීඩාවට පත් වූයේ මැදිවියේ පිරිමින් ය. එවකට පුරුෂයන් දිවිනසා ගැනීම් විශාල වශයෙන් ඉහළ ගියේය. නමුත් කොවිඩ් වසංගත සමයේ තත්ත්වය ඊට වෙනස් ය. එහි වැඩි බලපෑම ඇතිවී ඇත්තේ තරුණ ජනතාවට වන අතර එයින් ද වැඩි පීඩාව තරුණ කාන්තාවන්ට ය. ඊට පාදක වී ඇති හේතු තරමක් සංකීර්ණ බව පෙනී යයි’ බී.බී.සී සිංහල සංදේශ වාර්තාවේ සඳහන් වන්නේ එසේය.

1997 ආසියානු මූල්‍ය අර්බුදය අවස්ථාවේ ජපන් ජාතිකයන් සිය දිවි නසාගැනීමට පෙළඹීම විශාල වශයෙන් ඉහළ ගිය අතර 2019 වනවිට එය එතෙක් වාර්තා වූ පහළම අගය දක්වා ගෙනඑන්නට සාමූහිකව එරටට හැකිවිය. කෙසේ වෙතත් මෙම සිය දිවිනසාගැනීම් සඳහා සමාජීය වශයෙන් ගත් කළ ජපන් සංස්කෘතිය ද බලපා තිබේ. හරාකිරි හෙවත් විචිත්‍රවත් ලෙස බඩ කපාගෙන මියයෑම එරට හැඳින්වෙන්නේ යුද වැදීමකදී සිදුකරගන්නා ගෞරවනීය චාරිත්‍රයක් හැටියටය. සතුරන්ට යටත්වීමෙන් පසු නිගරුවට ලක්වීමෙන් වැලැක්වීමට සමුරායිවරුන් විසින් පුහුණු කරන ලද සිරිතක් හැටියට මෙය සැලකේ. ජපාන අධිරාජයා දෙවැනි ලෝක යුද්ධයේදී කමිකාසේ හා බන්සායි චාජ් යන ආරක්ෂක ඒකක යොදාගනු ලැබුවේද මරාගෙන මැරෙන බලඇණි හැටියටය. මේ නිසා දරාගත නොහැකි පරාජිත තත්ත්වයකදී සිය දිවි නසාගැනීම උතුම් කොට සැලකීම ජපාන ජාතිකයන්ට බලපෑම් කරන මනෝමූල සාධකයක් බවට පත්ව තිබේ.

කෙසේ වෙතත් මේ වනවිට ජපාන ජාතිකයන්ගේ සිය දිවි නසාගැනීම්වල පසුබිමේ ඇත්තේ කොවිඩ් වයිරසය හේතුවෙන් නිර්මාණය වී ඇති සමාජ ආර්ථික පසුබිමයි. මනෝවිද්‍යාඥයන් අවධාරණය කරන්නේ මෙම ජපන් ඛේදවාචකයේ සමාජ සංඥාව ගැනය. එනම් සංවර්ධිත රාජ්‍යක තත්ත්වය මෙසේ නම් ආර්ථික අර්බුද ගහණ රාජ්‍ය ගැන වැඩි අවධානය යොමු කළ යුතු බවය. ලෝකයේ විශාතලම ආර්ථිකයක් හිමි ජපානයේ සිය දිවි නසාගන්නා පිරිස අතර වැඩිපුරම නියෝජනය වන්නේ රැකියා විරහිත පිරිසයි. රැකියා අහිමිවූවන් මෙන්ම විශ්‍රාමික පිරිස් ද ඒ අතර වෙති. රැකියාලාභීන් පවා සිය රැකියා අහිමිවීම් වලක්වාගැනීමට නියමිත නිවාඩු හා ලෙඩ නිවාඩු නොගෙන වැඩිපුර වැඩ කිරීම ද සියදිවි හානිකරගැනීමේ හේතුසාධක අතර තිබේ. රැකියාවෙන් විඩාවට පත්වීමත් සෞඛ්‍ය ප්‍රශ්නත් විෂාදයත් මෙම පිරිස් සිය දිවි නසාගැනීමට මාවත නිර්මාණය කර ඇති බව කියන්නේ ජපාන රජයේම සංඛ්‍යා දත්තයි.

කෙසේ වෙතත් ජපානය මේ වන විට පසුකරමින් සිටින්නේ තුන්වැනි කොරෝනා වෛරස් රැල්ලයි. එරට ආණ්ඩුව හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කර ඇත්තේ දෙවැනි වතාවටය. එය තවදුරටත් දීර්ඝ කිරීමට ඉඩ ඇති බව වාර්තාවේ. මෙම තත්ත්වය තුළ ජපානයේ බොහෝ ආපන ශාලා, හෝටල් සහ වෙනත් වෙළෙඳ සැල් වැසී යමින් තිබෙන්නේ රැකියා විරහිතභාවය තවදුරටත් වර්ධනය කරමිනි. මේ නිසා සමාජ විද්‍යාඥයන් අනතුරු අඟවන්නේ රැකියා විරහිතභාවයේ අතුරු පලයක් හැටියට වර්ධනය වන සමාජ අසමානතාව ගැන කඩිනම් අවධානය යොමු විය යුතු බවය. මෙය ජපාන ආර්ථිකය හා සලකද්දී උණ සන්නිපාතය වැළඳී ඇති ශ්‍රී ලංකාවට වඩාත් දැඩි සේ අවධානය යොමු කළ යුතු අනතුරු ඇඟවීමකි.

RECENT ARTICLES - SINHALA

ඉලංකෙයි තමිල් අරසු කච්චි මුල් පුටුවල වෙනසක්

ඉලංකෙයි තමිල් අරසු කච්චි දේශපාලන කමිටුවේ ප්‍රධානියා ලෙස මාවෙයි සේනාධිරාජා මහතා පත්කර තිබෙනවා. එමෙන්ම එම පක්‍ෂයේ වැඩබලන නායකයා ලෙස සී. වී. කේ.  ශිවඥානම් මහතායි...

Breaking: මනූෂගේ සහෝදරයා අත්අඩංගුවට

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සහෝදරයා බිබිල ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර, හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාරගේ පෞද්ගලික කාර්යය මණ්ඩලයේ සිටි අයෙකු...

ජනාධිපති කාර්යාලයට ඉදිරියේදී වෙන්න යන දේ

දෙසැම්බර් මාසයේදී යෙදී ඇති නත්තල් උත්සවය සහ අලුත් අවුරුදු උදාව සනිටුහන් කරමින් මේ දිනවල ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඩිජිටල් ආලෝකයෙන් අලංකාර කර ඇති...

POPULAR ARTICLES

ඉලංකෙයි තමිල් අරසු කච්චි මුල් පුටුවල වෙනසක්

ඉලංකෙයි තමිල් අරසු කච්චි දේශපාලන කමිටුවේ ප්‍රධානියා ලෙස මාවෙයි සේනාධිරාජා මහතා පත්කර තිබෙනවා. එමෙන්ම එම පක්‍ෂයේ වැඩබලන නායකයා ලෙස සී. වී. කේ.  ශිවඥානම් මහතායි...

Breaking: මනූෂගේ සහෝදරයා අත්අඩංගුවට

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සහෝදරයා බිබිල ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර, හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාරගේ පෞද්ගලික කාර්යය මණ්ඩලයේ සිටි අයෙකු...

ජනාධිපති කාර්යාලයට ඉදිරියේදී වෙන්න යන දේ

දෙසැම්බර් මාසයේදී යෙදී ඇති නත්තල් උත්සවය සහ අලුත් අවුරුදු උදාව සනිටුහන් කරමින් මේ දිනවල ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඩිජිටල් ආලෝකයෙන් අලංකාර කර ඇති...