31 C
Colombo
Friday, October 18, 2024

මන්ත්‍රී එරාන් වත්මන් සහ හිටපු ජනපතිවරුන්ගෙන් කළ විශේෂ ඉල්ලීම

- Advertisement -

වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කර රටට ආදර්ශයක් ලබාදෙන මෙන් වත්මන් සහ හිටපු ජනාධිපතිවරුන්ගෙන් සමඟි ජන බලවේගයේ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා විශේෂ ඉල්ලීමක් කර තිබෙනවා.

මන්ත්‍රීවරයා මෙම ඉල්ලීම සිදුකළේ අද (26) පාර්ලිමේන්තුවේදි වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින්.

ජනාධිපතිවරුන් එලෙස ක්‍රියා කිරීමේදී ඇමතිවරුන්ට, මන්ත්‍රීවරුන්ට සහ නිලධාරීන්ට එලෙස සිදු කිරීමට වන බවයි ඔහු කියා සිටින්නේ.

“වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කරනවා. රටක් වෙනස් වන්නේ නීති සම්පාදනයෙන් පමණක් නොවෙයි. ආදර්ශයත් වැදගත්. වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කරන්න කියලා වත්මන් ජනාධිපතිතුමා ගෙන් හිටපු ජනාධිපතිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. හිටපු ජනාධිපතිවරුන් දෙන්නකු මේ සභාවේ ඉන්නවා. එතකොට ඇමතිවරුන්ට නිලධාරීන්ට මන්ත්‍රීවරුන්ටආදර්ශයෙන් ම ඒක කරන්න වේවි. රටක් වෙනස් වන්නේ එහෙමයි. දූෂණය නැති කරන්න බෑ. අවම කරන්න පුළුවන්. රට ඉල්ලුවේ සිස්ටම් චේන්ජ් එකක්.”

RECENT ARTICLES - SINHALA

නාමයෝජනා ප්‍රතික්ෂේප කිරිමට එරෙහිව තවත් පෙත්සමක්

ඉදිරි මහ මැතිවරණය සඳහා ඉදිරිපත් කළ වන්නි දිස්ත්‍රික්කයේ නාමයෝජනා පත්‍රයක් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. වන්නි දිස්ත්‍රික්කය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය විසින්...

අලුත් ආණ්ඩුවක් ආපු ගමන් හොඳ රටක් බිහි වෙන්නේ නැහැ – ලාල් කාන්ත

මේ රට විනාශ වීම සම්බන්ධයෙන් රාජ්‍ය සේවයද වගකිව යුතු බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා. ‘දිනමිණ’ වෙත...

නියමු කුටියේ දොර වැසීමේ සිද්ධියට සම්බන්ධ ගුවන් නියමුවා ඉල්ලා අස්වෙලා

සිඩ්නි සිට කොළඹ බලා පියාසර කරමින් තිබූ ගුවන්යානයක නියමු කුටිය අගුලු දැමීමේ සිද්ධියට සම්බන්ධ ගුවන් නියමුවා සේවයෙන් ඉල්ලා අස් වී ඇති බව වාර්තා වෙනවා. පසුගිය...

POPULAR ARTICLES

තෙල් මිල ගැන රජයෙන් විශේෂ තීරණයක්

මැදපෙරදිග පවතින යුද තත්ත්වය සමග තෙල් මිල ඉහළ ගියහොත් මිල පාලනය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමට රජය විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා අද (15) පැවති...

ළමයි කැමති විදියට ඡන්දෙ දෙන්න එපා – තොණ්ඩමන්

ජනාධිපතිවරණයේදි වතුකරයේ ජනතාව තම දරුවන්ගේ කැමැත්තට අනුව ඡන්දය භාවිතා කළ බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් හිටපු අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා. ඒ අනුව, ජනපතිවරණයේදී...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (16) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...