32 C
Colombo
Wednesday, April 2, 2025

පියුමි හංසමාලිගේ බැංකු 8 ක ගිණුම් 19 ක් ගැන අධිකරණ නියෝගයක්

- Advertisement -

උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි අන්දමේ සංවිධානාත්මක අපරාධ මගින් හා සැක සහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපළ උපයා ගත්තේ යැයි චෝදනා ලබා සිටින පියුමි හංසමාලි නමැති නිරූපිකාව මෙරට ප්‍රධාන පෙළේ බැංකු 08 පවත්වාගෙන යන ගිණුම් 19ක වාර්තා කැඳවීමට මාලිකාකන්ද මහේස්ත්‍රාත් මංජුල තිලකරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදී තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ මගින් උපයා ගන්නා වත්කම් විමර්ශන ඒකකය කළ ඉල්ලීමක් අනුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය මෙම බැංකු වාර්තා කැඳවීමට නියෝග නිකුත් කළා.

‘මගෙන් රටට‘ සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා කළ පැමිණිල්ලක් අනුව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් රාජකරුණා මහතා සහ උප පොලිස් පරීක්ෂක තරංග ලක්මාල් අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.

කොළඹ හිල්ටන් රෙසිඩන්ට් හි පදිංචි පියුමී හංසමාලි රුපියල් ලක්ෂය අටසීයකට රේන්ජ් රෝවර් වර්ගයේ රථයක් මිලදී ගැනීම, කොළඹ හත නිවාස සංකීර්ණයකින් රුපියල් මිලියන 148ක නිවසක් මිලදී ගැනීම, කෙටි කාලයක් තුළදී ප්‍රධාන බැංකු අටක පවත්වාගෙන යන බැංකු ගිණුම් 19 හරහා කෝටි ගණනක් මුදල් තැන්පත් කිරීම ඇතුළු සැක සහිත ලෙස දේපළ උපයා ගැනීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදුකරනු ලබනවා.

2011 අංක 40 දරණ පනතින් සංශෝධිත 2006 අංක 6 දරණ මුදල් විශුද්ධිකරණ පනත යටතේ මෙම විමර්ශනය සිදු කරන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාවරයා බැංකු ගිණුම් වාර්තා කැඳවීමට පොලිසියට අවසර ලබා දෙමින් විමර්ශන ප්‍රගතිය කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට දැනුම් දුන්නා.


RECENT ARTICLES - SINHALA

ප්‍රතික්ෂේප කළ නාමයෝජනා ගැන අභියාචනාධිකරණයෙන් නියෝගයක්

පළාත් පාලන මැතිවරණය සඳහා භාරදී ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා අතරින් උපැන්න සහතිකවල මුල් පිටපත් ඇතුළත් නාම යෝජනා පත්‍ර යළි භාරගන්නා ලෙස අභියාචනාධිකරණය නියම කර තිබෙනවා. අභියාචනාධිකරණයේ...

හාල් ආනයනය තවදුරටත්

පාරිභෝගික ජනතාවට හිඟයකින් තොරව සහල් ලබා දීම අරමුණු කර ගෙන ඉදිරියේදී සහල් ආනයනය කිරීමට ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව නිර්දේශ කර තිබෙනවා. අස්වැන්න නෙලන තත්ත්වයක්...

කච්චතිව් ගන්න තමිල්නාඩු ප්‍රධාන ඇමතිගෙන් යෝජනාවක්

තමිල්නාඩු ධීවරයින්ගේ සම්ප්‍රදායික ධීවර අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ක්‍රියාමාර්ග හේතුවෙන් ඔවුන් මුහුණදෙන අභියෝග සමනය කිරීම සඳහා ගත හැකි එකම ස්ථිර විසඳුම...

POPULAR ARTICLES

වසර 56කට පසු ජාත්‍යන්තර තරගාවලියක් ලංකාවට

025 ආසියානු වයස අවුරුදු 22න් පහළ සහ යොවුන් බොක්සිං ශූරතාවලිය මැයි 12 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, මෙම තරගාවලිය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ...

ප්‍රතික්ෂේප කළ නාමයෝජනා ගැන අභියාචනාධිකරණයෙන් නියෝගයක්

පළාත් පාලන මැතිවරණය සඳහා භාරදී ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා අතරින් උපැන්න සහතිකවල මුල් පිටපත් ඇතුළත් නාම යෝජනා පත්‍ර යළි භාරගන්නා ලෙස අභියාචනාධිකරණය නියම කර තිබෙනවා. අභියාචනාධිකරණයේ...

බැට්මෑන්ට රඟපෑ සුපිරි හොලිවුඩ් නළුවා සමුගනී

සුපිරි හොලිවුඩ් නළුවෙකු වන Val Kilmer අභාවප්‍රාප්ත වී තිබෙනවා. නියුමෝනියා තත්ත්වයක් හේතුවෙන් ඔහු මිය යන විට 65 හැවිරිදි වියේ පසු වුණා. 1959 දෙසැම්බර් 31 වන දින...