25 C
Colombo
Friday, October 25, 2024

ONMAXDT පිරමීඩ ජාවාරම ගැන අධිකරණයෙන් නියෝගයක්

- Advertisement -

“ONMAXDT ප්‍රයිවට් ලිමිටඩ්” නමින් වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් නීතිවිරෝධී ආකාරයේ පිරමීඩ මූල්‍ය ජාවාරමක් සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (11) වරෙන්තු නිකුත් කර තිබෙනවා.

චාමර වික්‍රමතිලක නමැති සැකකරුවෙකුට මෙලෙස වරෙන්තු නිකුත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

එමෙන්ම එම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිය භාරයට ගෙන ඇති පරිගණක දුරකථන ඇතුළු භාණ්ඩ පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකය වෙත යොමුකර වාර්තාවක් කැඳවීමටද අධිකරණයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන ඒකකයට අවසර ලැබී තිබුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම ආයතනයේ අධ්‍යක්ෂකවරුන් 5 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි අතර ඔවුන් මේ වනවිට ඇප මත මුදා හැර තිබෙනවා.

ඉන්දික සම්පත්, ගයේශාන් අබේරත්න, සමිත් සඳරුවන්, ඉන්දික ජයසේකර හා ධනංජය ගයාන් ඇතුළු සැකකරුවන් පස් දෙනෙකු මෙලෙස ඇප මත මුදාහැර ඇති බව වාර්තා වෙනවා.

මෙම පිරමීඩ ආකාරයේ මූල්‍ය ජාවාරමට පුද්ගලයන් දෙලක්ෂ විසි දහසකට ආසන්න පිරිසක් හසුවී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය පෙර නඩු වාරයේදී අධිකරණයට දැනුම්දී තිබුණා.

මේ වනවිට සිදුකර තිබෙන විමර්ශනවලට අනුව රුපියල් කෝටි 3000 ක පමණ මූල්‍ය වංචාවක් සිදුව ඇති බවද මහජනතාවගෙන් ලබාගත් මෙම මුදල් හරහා මෙම සැකකරුවන් හෝටල්, ඉඩම් වාහන, ඇතුළු රුපියල් කෝටි ගණනක් වටිනා දේපළ ලබාගෙන ඇති බවද පවසමින් එම ඒකකය විසින් වැඩිදුරටත් කරුණු දක්වා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ජොන්ස්ටන් කබලෙන් ලිපටම වැටෙයිද?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුගෙන් රුපියල් මිලියන 500ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් ගොනු කර ඇති...

ශ්‍රී ලංකා ආර්ථික සමුළුව කල් ගිහින්

ලබන මස පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ආර්ථික සමුළුව ලබන වසරේ ජනවාරි මස පැවැත්වීමට තීරණය කළ බව ලංකා වාණිජ මණ්ඩලය නිවේදනය කළා. එම මණ්ඩලය කියා...

කටුනායක අධිවේගයේ දැඩි රථවාහන තදබදයක්

පෑලියගොඩ සිට කටුනායක දක්වා දිවෙන අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වනවා. එම මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම රථ වාහන තදබදය හටගෙන...

POPULAR ARTICLES

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

ගම්පහ ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

‍ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය 2024 ඔක්තෝබර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිත බව ඩුබායි හි...