මහර බන්ධනාගාරයේ රැඳවියන් 11 ක් ඝාතනය වීම සහ තවත් රැඳවියන් 115ක් තුවාල ලැබීමට මුලීක වු මහර බන්ධනාගාරයේ සිදුවීමට විරෝධය දක්වමින් සිරකරු අයිතිවාසිකම් සුරකීමේ කමිටුව සංවිධානය විසින් සංවිධානය කර තිබු උද්ඝෝෂණයක් නවත්වන ලෙසට නියෝගයක් ලබා දී ඇති බව වාර්තා වේ.
දෙසැම්බර් 03 වන දින වැලිකඩ බන්ධනාගාරට ඉදිරිපිට පැවැත්වීමට නියමිතව තිබු අදාල උද්ඝෝෂණයට අලුත්කඩේ ප්‍රධෘන මහේස්ත්‍රාත් අධිකරණයෙන් අදාල නියෝගය ලබා දී ඇත.
අදාල නියෝගය සිරකරු අයිතිවාසිකම් සුරකීමේ කමිටුවේ සභාපති නීතීඥ සේනක පෙරේරා සහ එහි ලේකම් සුදේශ් නන්දිමාල් යන මහත්වරුන්ට ලිඛිතව ද්වා ඇත.