27 C
Colombo
Monday, March 31, 2025

විරෝධතාවයකට අධිකරණයෙන් නියෝගයක්

- Advertisement -

විරෝධතාකරුවන් පිරිසකට මරදාන පොලිස් වසමේ රෝහල් චතුරශ්‍රය, සෞඛ්‍ය අමාත්‍යංශයට ඇතුළු වීම හා ඒ අවට පිහිටා ඇති රෝහල් වලට බාධා වන පරිදි ඩීන්ස් පාර, ද සේරම් පාර, රීජන්ට් වීදිය හා ජාතික රෝහල් චතුරශ්‍රය අවට ඇති මහා මාර්ගය පදික වේදිකා අවහිර කරමින් සිදු කරන උද්ඝෝෂණ, පෙළපාලි හා සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට රැඳී සිටීම තහනම් කරමින් ආඥාවක් නිකුත් කර තිබෙනවා.

මරදාන පොලිස් වසමේ රෝහල් චතුරශ්‍රය අවට මාර්ග අසල පදික වේදිකාව හා මාර්ග අවහිර වන ආකාරයට උද්ඝෝෂණයක් හා පාගමනක් පැවැත්වීමට නියමිත බවට ලද තොරතුරක් මත අපරාධ නඩුවිධාන සංග්‍රහයේ පවතින ප්‍රතිපාදන ප්‍රකාරව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමට අනුව‍යි මෙම නියෝගය නිකුත් කර තිබෙන්නේ.

එම්.එන්.එම්. නුස්රි (සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුව සම කැඳවුම්කරු), එන්.ඩී. හේවාවිතාරණ (සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුව ලේකම්) චින්තක ප්‍රසාද් (සම සෞඛ්‍ය විද්‍යා පීඨ නියෝජනය කරමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති), මධුෂාන් චන්ද්‍රජිත් (අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු) ඇතුළු ඔවුන්ගේ සාමාජිකයින්ට මෙම ආඥාව නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අද (27) පස්වරු 2.30 සිට හෙට පස්වරු 6.00 දක්වා මෙම නියෝගය ක්‍රියාත්මක වනවා.

RECENT ARTICLES - SINHALA

උසාවි එද්දී ආචාර නොකළැයි නීතීඥවරියක් රිමාන්ඩ් කරලා

අධිකරණ ශාලාවට ඇතුළු වීමේ දී අධිකරණයට හිස නමා ආචාර නොකිරීම මඟින් අධිරණයට අපහාස කිරීම ඇතුළු චෝදනා දෙකක් හේතුවෙන් නීතිඥවරියක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට  පුත්තලම මහාධිකරණ...

දුම්රිය ප්‍රවේශපත්‍ර ජාවාරමේ යෙදුණු අයෙක් මාට්ටු

කොළඹ සිට බදුල්ල දක්වා දිවෙන උඩරට මැණිකේ දුම්රියේ ප්‍රවේශපත්‍ර අන්තර්ජාලය ඔස්සේ ලබාගෙන විදේශිකයන්ට අධික මිල ගණන්වලට අලෙවි කිරීමේ ජාවාරමක් කලක් තිස්සේ පවත්වාගෙන ගිය පුද්ගලයෙකු...

උණුසුම් කාලගුණය ගැන අනතුරු ඇඟවීම්

පවතින උණුසුම් කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ ද අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද (31) දිනයේ දී උතුර, උතුරු මැද, බස්නාහිර,...

POPULAR ARTICLES

උසාවි එද්දී ආචාර නොකළැයි නීතීඥවරියක් රිමාන්ඩ් කරලා

අධිකරණ ශාලාවට ඇතුළු වීමේ දී අධිකරණයට හිස නමා ආචාර නොකිරීම මඟින් අධිරණයට අපහාස කිරීම ඇතුළු චෝදනා දෙකක් හේතුවෙන් නීතිඥවරියක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට  පුත්තලම මහාධිකරණ...

මහ බැංකුව දුන් සහන කාලය අවසන්

ආර්ථික අර්බුද හේතුවෙන් බලපෑමට ලක්වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව දී තිබූ සහන කාලය, අද (31) දිනයෙන්...