24 C
Colombo
Friday, November 15, 2024

සෞඛ්‍ය අතිරේක ලේකම් සමන් රත්නායකගේ කාර්යාලය මුද්‍රා තබන ලෙස අධිකරණයෙන් නියෝග

- Advertisement -

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතාගේ කාර්යාලය මුද්‍රා තබන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කර තිබෙනවා.

මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය කරනු ලැබුවේ, ප්‍රශ්න ගත හියුමන් ඉමියොනෝග්ලෝබියුලින් නමැති එන්නත් තොගයක් මිලදී ගැනීමේ සිද්ධියට අදාළ සැකකරුවන් ඊයේ (18) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී.

වෛද්‍ය සමන් රත්නායක මහතාගේ කාර්යාලය අද (19) පෙරවරුවේ පරීක්ෂා කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ සමන් රත්නායක මහතාගේ කාර්යාලයේ ලිපි ලේඛන පරීක්ෂා කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා.

පසුව ඔහු මාලිකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 27 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

අධිකරණයේදී අනාවරණය වූ කරුණු අනුව මෙම ඖෂධය ලබාගෙන ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා, අයිසොලේස් බයෝටෙක් සමාගමේ හිමිකරු සමග පසුගිය ජනවාරි 04 වෙනි දා ඇති කරගත් ගිවිසුමක් අනුවයි.

මෙම සිද්ධියට අදාළව එම ඖෂධය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබාදුන් බව පැවසෙන සමාගමේ හිමිකරු, වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා ඇතුළු 5 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා.

RECENT ARTICLES - SINHALA

වන්නි නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

2024 මහ මැතිවරණයේ වන්නි දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබෙනවා. ජාතික ජන බලවේගය - 4,371ඉලංකෙයි තමිල් අසුරු කච්චි - 2,349සමගි...

ප්‍රතිඵල ඇවිත් සතියක් යන තෙක් පෙළපාලි තහනම්

මහ මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව සතියක් ගතවන තෙක් පෙළපාලි යෑම තහනම් බව පොලීසිය දැනුම්දෙනවා. අද පැවති විශේෂ මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය...

රත්නපුර – නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

2024 මහ මැතිවරණයේ රත්නපුර නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබෙනවා. ජාතික ජන බලවේගය - 24,776 - 79.4%සමගි ජන බලවේගය - 2,969- 9.51%නව...

POPULAR ARTICLES