කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයන් 544 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ කාර්ය සාධක බලකාය පවසයි.
එම සියලු ආසාදිතයින් මීට පෙර හඳුනාගත් කොවිඩ් වෛරසය ආසාධනය වු පුද්ගලයන්ගේ සමීප ආශ්‍රිතයින් බවත් කාර්ය සාධක බලකාය පවසයි. කෙසේ වෙතත් ඊයේ දිනයේදී කොළඔ නගරය තුළ සිදු කළ පීසීආර් පරීක්ෂණ 350 කින් කොවිඩ් 19 වෛරසය ආසාදනය වු පුද්ගලයන් 176ක් හදුනාගෙන ඇති බව කොළඔ නගරයේ සේවය කරන සෞඛ්‍ය නිලධාරීන් පවසයි.