කොවිඩ් 19 ආසාදනය වීමෙන් තවත් පුද්ගලයින් 5 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කොළඹ 13 පදිංචි 54 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 15 පදිංචි 39 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 12 පදිංචි 88 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 08 පදිංචි 79 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ කොළඹ 13 පදිංචි 88 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් මෙලෙස මියගොස් ඇත. මියගිය සියලුම පුද්ගලයින් කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් වේ.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් 19 මරණ සංඛ්‍යාව 58 දක්වා ඉහළ ගොස් ඇත.