තවත් කොවිඩ් මරණ 167 ක් සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබෙනවා.
ඒ අනුව ඊයේ දිනයේ (15) සිදුවූ එම මරණ 167 ත් සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 6,263 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඊයේ සිදුවූ එම මරණ 167 අතර වයස අවුරුදු 60 ට වැඩි මරණ 130 ක් වාර්තාවීමද විශේෂත්වයක්.