කොවිඩ්-19 ආසාධිත පුද්ගලයෙකුගේ ආශ්‍රිතයකු බවට පත් වීමත් සමඟ කේට් මිඩ්ල්ටන් ස්වයං හුදෙකලාවට පත් කර ඇතැයි කෙන්සිංටන් මාලිගය පවසයි.
ඇය කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන නමුත් රජයේ මාර්ගෝපදේශ අනුගමනය කරමින් නිවසේ ස්වයං හුදෙකලා වන බව එම නිවේදනයේ දැක්වේ.
කේම්බ්‍රිජ් ආදිපාදවරිය විසින් ජාතික සෞඛ්‍ය සේවයේ වීරයින් සැමරීම සඳහා අද දිනයේ යෙදී තිබුණු උත්සව දෙකක් සඳහා සහභාහීවීම ද ඒ අනුව අත් හිටුවන ලදී.
අදාළ සිදුවීමෙන් පසු ඇය ස්වයං හුදෙකලාවට යොමු කළ බවත් ඇය සහභාගීවීමට නියමිත තවත් උත්සව අවස්ථා කිහිපයකටම සහභාගීවීම අවලංගු කර ඇතැයි පැවසේ.
කෙසේවෙතත් ඇය එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.