කොවිඩ් -19 වෛරසය ආසාදනය වී සිටි දෙහිවල සත්වෝද්‍යානයේ‘තෝර්‘ නැමැති සිංහයා මේ වන විට සුවය ලබා ඇතිබව වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය සී.බී රත්නායක මහතා පවසයි.
ඉන්දියාවෙන් ආනයනය කරන ලද ඖෂධ එන්නත් මේ වන විට සත්ත්ව උද්‍යානයේ සතුන් සඳහා ලබා දී ඇති බව ද අමාත්‍යවරයා පවසයි.
කෙසේවෙතත් සිංහයාගේ වයස අනුව යම් දුර්වල තත්ත්වයක් පෙන්නුම් කරන බවත් සිංහ ධේනුවගේ පීසීආර් පරීක්ෂණය අනුව ආසාදිත නොවන බව තහවුරු වී ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියි.
2013 වසරේ දකුණු කොරියාවේ සෝල් නුවර සිට මෙරටට ගෙන එන ලද “තෝර්” නැමැති එම සිංහයාට මේ වන විට වයස අවුරුදු 11කි.