කොවිඩ් 19 රෝගී තත්ත්වයන් වැනි බෝවන රෝග සඳහා ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ වට්ටෝරු රැසක් පවතින අතර මේ වන විට කොවිඩ් 19 වෛරසයට එරෙහිව ප්‍රතිකාර පද්ධති 05ක් පමණ ඉදිරිපත්ව තිබෙන බැවින් ඒවා සම්බන්ධයෙන් සායනික පරීක්ෂණ කඩිනම්ව සිදුකර ජනතාව එම ඖෂධ ලබා දිය හැකි සහතිකය ඉක්මණින් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය සංගමය ඉල්ලා සිටිනවා.
එහි සභාපති සභාපති වෛද්‍ය ප්‍රසාද් හෙන්දාවිතාරණ මහතා අද (09) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයේ මෙවැනි ඖෂධ රැසක් පවතින හෙයින් ඖෂධ ගැන බියක් ඇති කරගත් යුතු නැති බවයි.
මේ වන විට ධම්මික බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කර තිබෙන ඖෂධය ගැනද කිසි ගැටළුවක් නැතත් ආයුර්වේද දෙපාර්තම්නේතුව විසින් විධිමත් ක්‍රමයකට එම සායනික පරීක්ෂණ සිදුකළ යුතු බව හෙන්දාවිතාරණ මහතා සඳහන් කරනවා.