මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතිබවට හදුනාගෙන තිබෙනවා.
ඒ අනුව ඔහු මේ වන විට නිරෝධායනය සඳහා යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.
එස්.ආර්.ආටිගල මහතා පසුගිය 5 වනදා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකටද සහභාගී වුණා.
එම සාකච්ඡාව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා මෙහෙයවූ අතර ඊට ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ, කෘෂිකර්ම අමාත්‍යාංශයේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා යන මහත්වරුන්ද සහභාගී වී සිටියා.