28.7 C
Colombo
Tuesday, April 15, 2025

ක්‍රිකට් කාගෙවත් බූදලයක් නෙවෙයි-අර්ජුන රණතුංග

- Advertisement -

ක්‍රීඩාව තුළ හෝ තරග පැරදීම තුළ හෝ වරදක් සිදු වූ විට එය භාර ගැනීමට කිසිදු අයෙකු නොමැති බව ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතා පවසනවා.

රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් සභාපතිවරයා සඳහන් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පසුගිය කාලයේ දී වාර්තා වූ ඇතැම් හැසිරීම් හි ඇති දුර්වලතාවලට ක්‍රිකට් පරිපාලනය පවා වගකිව යුතු බවයි.

ක්‍රිකට් පරිපාලනයේ ඉහළ කළමනාකාරීත්වය යම් දුර්වල පරිසාධනීය මට්ටමක සිටින අතර, එක්දින තරග, ටෙස්ට් තරග සහ පන්දුවාර 20 තරගවලට ක්‍රීඩා කළ යුතු ක්‍රීඩකයින් කවුරුන් ද යන කාරණය පවා නිසි පරිදි ගලපා ගැනීමට අසීරු අඩියක ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය ඇති බවයි ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා සඳහන් කළා.

මෙවැනි වැරදි තීරණ හේතුවෙන් විනාශ වන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව බවත්, ක්‍රිකට් යනු මහේල ජයවර්ධනගේ හෝ ප්‍රමෝදය වික්‍රමසිංහ ඇතුළු තේරීම් කමිටුවේ හෝ ශම්මි සිල්වා ඇතුළු පිරිසගේ බූදලයක්වත් නොවන බව ද සභාපති අර්ජුන රණතුංග වැඩිදුරටත් කියා සිටියා.

හුදෙක් ම ක්‍රිකට් යනු මේ රටේ මිලියන 22ක මිනිසුන්ට අයත් දෙයක් බවයි හෙතෙම අවධාරණය කළේ.

RECENT ARTICLES - SINHALA

පුංචි ඡන්දය ගැන ප්‍රකාශයක්

පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරක කටයුතු මේ වන විට බොහෝ දුරට සාමකාමීව සිදුවන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ,...

සංස්කෘතියට පටහැනි අවුරුදු උත්සවවලට වැඩ වරදී

අවුරුදු සිරිත් විරිත්වලට නොගැලපෙන දේවල් එක් කිරීමෙන් වළකින්නැයි බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා අවුරුදු උත්සව සංවිධායකවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා. ඔහු...

නීති විරෝධීව වියලි කහ රැගෙන ආ පිරිසක් නාවික හමුදා භාරයට

නීති විරෝධී ලෙස වියලි කහ තොගයක් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ සැකකරුවන් 06 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. ඒ සමග ඔවුන් විසින් ගෙන...

POPULAR ARTICLES

දළදා ප්‍රදර්ශනයට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග මෙන්න

ලබන 18 වැනිදායින් ඇරඹෙන සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග 3 ක් නම් කර තිබෙනවා. ඒ අනුව, 1.ඞී.එස්. සේනානායක වීදිය දෙස සිට (ත්‍රිකුණාමල වීදිය) ශ්‍රී...