31 C
Colombo
Wednesday, January 8, 2025

බොරතෙල් ප්‍රමිතිය: සභාපති කියන්නේ බොරු..! – ඇමති කියයි

- Advertisement -

මෙරටට ගෙන්වා ඇති බොරතෙල්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා සිදුකර ඇති ප්‍රකාශය පිළිබඳ ඛනිජතෙල් සංස්ථාව නීතිමය පියවර ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

සිය ටිවිටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු කියා සිටියේ, ඛනිජ තෙල් සංස්ථාව සතුව ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග පවතින බවයි.

විදුලි කප්පාදුව දිර්ඝ කිරීමක් සඳහා විදුලිබල මණ්ඩලය ඉල්ලුම් කර ඇත්තේ ලක්ෂපාන බලාගාරය බිඳවැටීම, ඩීසල්, දැවි තෙල් සහ ජල කළමනාකරණය සඳහා ප්‍රමාණවත් අරමුදල් නොමැතිකම හේතුවෙන් බව ද අමාත්‍යවරයා සිය ටිවිටර් ගිණුමේ සදහන් කර තිබෙනවා.

මේ අතර, නොරොච්චෝලේ බලාගාරයේ හදිසි ගල් අගුරු අවශ්‍යතා සපුරාලීම සඳහා පසුගිය වසරවල ටෙන්ඩර්වලින් ඉතිරි ව ඇති ගල් අගුරු තොග ගෙන්වා ගැනීමට පියවර ගන්නා බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු කියා සිටියේ, එහි පළමු නෞකාව සඳහා අත්තිකාරම් මුදල් ගෙවීම සිදු කළ බව යි.

ගල් අගුරු සම්පූර්ණ අවශ්‍යතාව සපුරා ගැනීමට අදාළ දීර්ඝ කාලීන ටෙන්ඩර් සහ අත්පිට මිල දී ගැනීම්වලට අදාළ ටෙන්ඩර් මෙම සතිය තුළ ප්‍රකාශයට පත් කරන බව ද ඔහු කියා සිටියා.

නොරොච්චෝලේ ලක්විජය ගල් අගුරු බලාගාරය සඳහා ගල් අගුරු මිල දී ගැනීමට විවෘත කළ ටෙන්ඩරය අවලංගු වීමත් සමඟ අද ක්ෂණික මිල දී ගැනීම් සඳහා ටෙන්ඩර් කැඳවන බව ලංකා ගල් අගුරු සමාගම පසුගිය දා ප්‍රකාශ කර තිබූ පසුබිමක යි අමාත්‍යවරයා මෙම ට්විටර් සටහන තබා ඇත්තේ.

RECENT ARTICLES - SINHALA

උද්ධමනය ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

මේ වසරේ මැද භාගය වනවිට මෙරට උද්ධමනය ස්ථාවර මට්ටමකට පැමිණෙනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. මහ බැංකු අධිපතිවරයා මේ අදහස්...

බස් – පොලිස් සාකච්ඡා සාර්ථකයි

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව සිදුකරන රථවාහන මෙහෙයුම් සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ සංගම් සහ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත විරසුරිය මහතා අතර අද (08) පැවැති සාකච්ඡාව...

අදටත් හමු නොවූ ලසන්ත ඝාතකයෝ

සන්ඩේලීඩර් පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ  ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නීතිඥ ලසන්ත වික්‍රමතුංග මහතා  ඝාතනය කර අදට වසර 16ක් ගත වී තිබෙනවා. සිය සේවා ස්ථානය වූ, සන්ඩේ ලීඩර්...

POPULAR ARTICLES

ලොස් ඇන්ජලීස් හි හදිසි තත්ත්වයක්

බටහිර අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් ආසන්නයෙන් පැතිර යන ළැව් ගිනි තත්ත්වය හේතුවෙන් මේ වනවිට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පැය කිහිපයකින්...

උද්ධමනය ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

මේ වසරේ මැද භාගය වනවිට මෙරට උද්ධමනය ස්ථාවර මට්ටමකට පැමිණෙනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. මහ බැංකු අධිපතිවරයා මේ අදහස්...

බස් – පොලිස් සාකච්ඡා සාර්ථකයි

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව සිදුකරන රථවාහන මෙහෙයුම් සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ සංගම් සහ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත විරසුරිය මහතා අතර අද (08) පැවැති සාකච්ඡාව...