මෙරට තුල ශීඝ්‍රයෙන් ව්‍යාප්තවෙමින් ඇති කොවිඩ් වසංගතය පාලනය කිරීම උදෙසා තවත් සති දෙකෛන් පමණ ඇඳිරි නීතිය දීර්ඝ කළ යුතු බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමතිනි, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා.
ඒ, රාගම, උතුරු කොළඹ ශික්ෂණ රෝහලට සිදුකළ උපකරණ පරිත්‍යාගයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින්.
ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමඟ රට තුල හඳුනානොගත් කොවිඩ් ආසාදිතයින් 50,000ක් පමණ සමාජයේ සිටිය හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්ති විද්‍යාව හා අණුක වෛද්‍ය විද්‍යාව අංශ ප්‍රධානී සහ ඩෙංගු පර්යේෂණ අංශයේ අධ්‍යක්‍ෂ ක්‍ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය උපුටා දක්වමින් රාජ්‍ය ඇමතිවරිය පවසනවා.
එමෙන්ම. ඇය අවධාරණය කර සිටින්නේ ජනතාව සැමවිටම ස්වයං විනයක් ඇතිව සෞඛ්‍ය පුරුදුවලට අනුගතව කටයුතු කිරීමෙන් කොවිඩ් රෝගයෙන් ආරක්ෂා විය හැකි බවයි.