24 C
Colombo
Tuesday, November 5, 2024

ශිෂ්‍යත්ව ප්‍රශ්න පිටවීම ගැන කළ CID පරීක්ෂණවල දැන් තත්වය

- Advertisement -

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) කළ විමර්ශනය පිළිබඳ නිරීක්ෂණ දෙන ලෙස පැමිණිලිකරුවන්ට දැනුම් දී තිබෙනවා.

මානව හිමිකම් කොමිසම විසින් මෙම දැනුම්දීම සිදු කර ඇති අතර  ඒ සඳහා සති දෙකක කාලයක් ලබා දී ඇති බවයි වාර්තා වෙන්නේ.

පසුගිය 30 වැනි දා පැවති මානව හිමිකම් කොමිසමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වාර්තාව පිළිබඳ දීර්ඝ ලෙස සමාලෝචනයක නිරත වී තිබුණා.

එහිදී පැමිණිලි පාර්ශ්වය ප්‍රකාශ කර ඇත්තේ, එම වාර්තාවේ සඳහන් ප්‍රශ්න ගණනට වඩා වැඩි සංඛ්‍යාවක් විභාගය පැවැත්වීමට පෙර පිටවී ඇති බවයි.

නමුත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වාර්තාවට අනුව, විභාගයට පෙර පිටව ඇත්තේ, ප්‍රශ්න 3ක් පමණක් බව මානව හිමිකම් කොමිසම සඳහන් කරනවා.

ඒ අනුව, පැමිණිලි පාර්ශ්වයේ නිරීක්ෂණ ලබාදීමෙන් පසු 5 ශ්‍රේණීය ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් සිය නිර්දේශ ඉදිරිපත් කරන බව මානව හිමිකම් කොමිසම පවසා තිබෙනවා.

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද වෙනනම පරීක්ෂණයක් ආරම්භ කර තිබුණා. 

කෙසේවෙතත්, දෙමව්පියන් පිරිසක් අවස්ථා කිහිපයක දී මාධ්‍ය හමු පවත්වමින් සහ උද්ඝෝෂණ පවත්වමින් සදහන් කළේ සම්පුර්ණ ප්‍රශ්න පත්‍රයම පිටවී ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

ඉන්ධන මිල සංශෝධනය ගැන තෙල් සංස්ථාවෙන් හෙළිදරව්වක්

ඉන්ධන සැපයුම් ක්‍රියාවලිය හා සම්බන්ධ වෙනත් සමාගම් සමග එළැඹ ඇති ගිවිසුම් හේතුවෙන් මිල සංශෝධනයේදී ස්වාධීනව තීන්දු ගැනීමට නොහැකි වී තිබෙන බව ලංකා ඛණිජ තෙල්...

ඇඹිලිපිටියෙන් සොයාගත් ගිනිඅවි

පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අද (04) ඇඹිලිපිටිය ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකින් අවි ආයුධ සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී සැකකරු සතුව තිබී AK...

දයාසිරිගේ වට්සැප් එකත් හැක් කරලා

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ වට්සැප් ගිණුම ද මේ වනවිට හැක්කර තිබෙන බවට තොරතුරු වාර්තා වනවා. News 19 අප කළ සොයා බැලීමකදී ඒ මහතා...

POPULAR ARTICLES

ශිෂ්‍යත්ව ප්‍රශ්න පිටවීම ගැන කළ CID පරීක්ෂණවල දැන් තත්වය

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) කළ විමර්ශනය පිළිබඳ නිරීක්ෂණ දෙන ලෙස පැමිණිලිකරුවන්ට දැනුම් දී තිබෙනවා. මානව හිමිකම්...

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල නොවැම්බර් මාසය සඳහා නොවෙනස්ව පවතින බව එහි සභාපති වන්න ගුණවර්ධන පවසනවා. 2024 නොවැම්බර් මාසයට අදාලව දැනට පවතින මිළ ගණන් එලෙසම...

පාර්ලිමේන්තුව සුද්ද කරන්න ඔයා අබාන්ස් එකේද? – රනිල්

පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයින් තේරිම ජනතාවට අයිති වැඩක් බවත්, පාර්ලිමේන්තු සුද්ද කරනවා යනුවෙන් තර්ජනය කිරීම අගමැතිනියට යුතු නොවන බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මහනුවරදී...