තමන් කොවිඩ් සුව කිරීම සදහා ප්රත්යක්ෂ ඖෂධයක් සොයා ගත්තා යැයි පැවසූ ධම්මික බණ්ඩාර මහතා විසින් සසකස් කළ ‘ධම්මික පැණිය’ අන්තර්ජාල විකුණුම් සේවාවක් වන e-bay ජාලය තුළ විකිණීමට යොමුකොට ඇත.
එම දැන්වීමට අනුව බෝතලයක මිල ඇමෙරිකානු ඩොලර් 399.90කි. එය ලංකාවේ මුදලින් රුපියල් 77,034.69කි.
අදාල පැණිය කොරෝනා වැක්සින් යනුවෙන් නම් කරමින් ප්‍රචාරය කර ඇති මෙම දැන්වීම සඳහා ධම්මික බණ්ඩාර විසින් කතානායකවරයා වෙත කොරෝනා පැණිය ලබාදෙන ආකාරයේ ඡායාරූප, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතාගේද , ඔහුගේ නිවස අසල කොරෝනා පැණිය ලබාගැනීමට පොරකන ජනතාවගේ ඡායාරූප පළකරමින් මෙම දැන්වීම සකස් කර ඇත.
අදාල දැන්වීම පහළින්