ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා.
අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත් නැවත මේ රටේ මැතිවරණ නො පැවැත්වෙන බවයි ඔහු පවසන්නේ.
දයාසිරි ජයසේකර මහතා පවසන්නේ, සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණය ජයගතහොත් නැවත ඇඟිල්ල පාට කර ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලැබෙනු ඇති බවයි.
ඔහු මේ බව කියා සිටියේ සමගි ජන බලවේගයේ ජනාධිපතිවරණ ජනරැළියක් අමතමින්.
විදෙස් රටවල සිට මාලිමාවට ඡන්දය ලබා දීමට ලක්ෂ ගණනක පිරිසක් පැමිණෙන බව පැවසුවද එකී පිරිස මෙරටට මෙතෙක් ළඟා වී නැති බවත් දැන් එම පිරිස පැමිණෙන්නේ නම් දිනකට ගුවන් යානා පන්දහසක් පමණ කටුනායකට පැමිණිය යුතු බවත් දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් පවසනවා.