නෙළුක්කුලම සහ මොරටුව පොලිස් වසම්වලින් නාඳුනන මෘත ශරීරයක් දෙකක් හමුව තිබෙනවා.
ඊයේ (01) එම සිරුරු සොයාගත් බව පොලීසිය පැවසුවා.
නෙළුක්කුලම පොලිස් වසමේ තම්පනෙයි පුලියන්කුලම් වැව ආසන්නයේ පාළු ඉඩමක නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් තිබී සොයාගෙන තිබෙනවා.
මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැහැ.
මෘත ශරීරය මුලතිව් රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර නෙළුක්කුලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
මේ අතර මොරටුව පොලිස් වසමේ කොරලවැල්ල පොල්වත්ත ප්‍රදේශයේ මුහුදු තීරයේ නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් තිබී හමුව තිබෙනවා.
මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැහැ.