වැලිකඩ පොලිසිය විසින් සැකපිට අත්අඩංගුව ගෙන සිටි තරුණයෙකු පොලිස් භාරයේ සිටියදී මිය යෑම සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබෙනවා.
ඒ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතාගේ නියමයෙන්.
වැලිකඩ පොලිසිය විසින් අප්‍රේල් මස පළමුවැනිදා සැකපිට අත්අඩංගුවට ගත් 25 හැවිදිරි සත්සර නිමේෂ් නමැති තරුණයකු මිය ගොස් තිබුණා.
පොලිසිය තුළදී සිදු වූ වධහිංසා මේ මරණයට හේතුව බවට එම තරුණයාගේ ඥාතීන් චෝදනා කරසිටියා.
මෙම සිදුවිම සම්බන්ධනේ නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.