27 C
Colombo
Wednesday, November 20, 2024

ජුලම්පිටියේ අමරේට පැනවූ මරණ දඬුවම තහවුරු කරයි

- Advertisement -

2012 වසරේ කටුවන ප්‍රදේශයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට කඩා වැදී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනකු මරා දමා තවත් අයෙකුට මරණීය තුවාල සිදු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු වී තංගල්ල මහාධිකරණය විසින් ජී.ජී. අමරසිරි හෙවත් ජුලම්පිටියේ අමරේ නැමැත්තාට පනවා තිබූ මරණීය දණ්ඩනය අභියාචනාධිකරණය අද (20) තහවුරු කළා.

විනිසුරු පී. කුමාරන් රත්නම් මහතාගේ එකඟත්වය ඇතිව අභියාචනාධිකරණය විනිසුරු සම්පත් අබේකෝන් මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නා.

2012 වසරේ ජුනි මස 15 වනදා කටුවන ප්‍රදේශයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට කඩා වැදී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු මරා දමා තවත් අයකුට මරණීය තුවාල සිදු කිරීම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් ජුලම්පිටියේ අමරේ නැමැත්තාට එරෙහිව මෙම නඩුව තංගල්ල මහාධිකරණය හමුවේ ගොනු කර තිබුණා.

එම චෝදනාවන්ට වරදකරු කෙරුණු ජුලම්පිටිය අමරේ නමැත්තාට 2019 නොවම්බර් 07 වන දා තංගල්ල මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කරනු ලැබුවා.

එම දඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ජුලම්පිටිය අමරේ සිය නීතිඥවරු මාර්ගයෙන් අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කළා.

එම ඇපෑල තුළින් විත්තිකරු ප්‍රකාශ කළේ මහාධිකරණ නඩු විභාගයේදී විත්ති පාර්ශ්වය විසින් ඉදිරිපත් කළ සාක්ෂි විනිසුරුවරයා විසින් සැලකිල්ලට නොගත් බවයි.

ඒ අනුව තමන්ව එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙසත් විත්තිකරු එම ඇපෑල තුළින් ඉල්ලා තිබුණා.

එම ඇපෑල විභාග කළ අභියාචනාධිකරණ විනිසුරුවරු සඳහන් කළේ මහාධිකරණ විනිසුරුවරයා විසින්  නිකුත් කළ මරණීය දණ්ඩනය සම්බන්ධයෙන් මැදිහත්වීම් සිදු කිරීමට තම අධිකරණය අපේක්ෂා නොකරන බවයි.

ඒ අනුව විත්තිකරුට පනවා තිබෙන මරණීය දණ්ඩනය තහවුරු කරන බවත් අදාළ ඇපෑල ප්‍රතික්ෂේප කරන බවත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ගැටලුව

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර හිමිවු පක්ෂ කිහිපයක් තවමත් ඊට අදාළ මන්ත්‍රීවරුන්ගේ නම් එවා නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අදාළ පක්ෂ ලේකම්වරුන්...

උසස් පෙළ විභාගයේ වෙනසක් නැහැ

2024 අ.පො.ස. (උසස් පෙළ) විභාගය සැලසුම්කළ ලෙස නොවැම්බර් මස 25වනදා ආරම්භ කරන බව නිවේදනයක් නිකුත්කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. එම නිවේදනයේ...

පාර්ලිමේන්තු තොරතුරු කවුලුව සාර්ථකයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ට අවශ්‍ය පහසුකම් සැලසීම වෙනුවෙන් නොවැම්බර් 19 සහ 20 දෙදින පැවති පාර්ලිමේන්තු තොරතුරු කවුළුව සාර්ථකව අවසන් වුණ බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය නිවේදනය කරනවා. පාර්ලිමේන්තු...

POPULAR ARTICLES