32 C
Colombo
Wednesday, April 2, 2025

මියන්මාර භූ කම්පනයෙන් මියගිය ගණන 1000 ඉක්මවයි

- Advertisement -

මියන්මාරයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් සිදුවූ මරණ ගණන 1000 ඉක්මවා තිබෙනවා.

අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණායතනය අනතුරු අඟවන්නේ එය 10,000 ඉක්මවීමේ අවදානමක් පවතින බවයි.

මෙය වාර්තා අතරට එක්ව ඇත්තේ සියවසකට අධික කාලයකින් පසුව මියන්මාරයට බලපෑ ප්‍රබලතම භූ කම්පනය ලෙසයි.

හමුදා පාලනය හේතුවෙන් දැනටමත් මානුෂීය අර්බුදයකට මුහුණ දී සිටින මියන්මාර වැසියන් භූ කම්පනයත් සමග දැඩි පීඩනයට ලක්ව සිටින බව වාර්තා වනවා.

භූ කම්පනයෙන් මියන්මාරයේ දෙවන විශාලතම නගරය වන මැන්ඩලේ නගරයට දැඩි හානි සිදුව තිබුණා.

එහි ගොඩනැගිලි රැසක් පොළොවට සමතලා වී තිබෙනවා.  

මියගිය පුද්ගලයින්ගේ සිරුරු මේ වනවිට නගරයේ ගොඩගැසී ඇති අතර, තුවාලකරුවන්ගෙන් එරට රෝහල් පිරීගොස් ඇති බව වාර්තා වනවා.

කෙසේ නමුත් පසුකම්පන අවදානම හේතුවෙන් ඇතැම් පිරිස්හට ප්‍රතිකාර සිදු කෙරෙන්නේ රෝහල්වලින් පිටත තබා ගෙනයි.

ඊයේ පස්වරුවේ දී සිදුවූ ප්‍රධාන භූකම්පනයෙන් පසුව අද උදෑසන කාලය දක්වා මියන්මාරයට පසුකම්පන 14කින් ද බලපෑම් එල්ල වී තිබෙනවා.

කෙසේ වුවද මියන්මාරයේ පවතින දේශපාලනික අස්ථාවරත්වය හේතුවෙන් තොරතුරු යාවත්කාලීන වීම ප්‍රමාදවන අතර, මුදා ගැනීමේ මෙහෙයුම් ද දැඩි අභියෝගකාරී වී ඇතැයි සඳහන් වනවා.

ඒ අනුව, මුදාගැනීමේ මෙහෙයුම් සඳහා සහායවීමට චීන ආපදා සහන කණ්ඩායමක් මියන්මාරය වෙත ළඟා වී තිබෙනවා.

මෙම භූකම්පනයේ අපිකේන්ද්‍රය වූ මියන්මාරයේ සගයින් නගරයේ සිට කිලෝමීටර දහසකටත් අධික දුරින් පිහිටි තායිලන්තයේ බැංකොක් නුවරටත් දැනී තිබුණා.

ඒ හේතුවෙන් බැංකොක් නුවර ඉදිවෙමින් පැවති මහල් 30කින් යුතු රජයේ ගොඩනැගිල්ලක් කඩාවැටුණු අතර, එහි කම්කරුවන් සියයකට ආසන්න ප්‍රමාණයක් සුන්බුන් අතර සිරවී සිටියා.

කෙසේ නමුත් භූ කම්පනයේ බලපෑමෙන් තායිලන්තයෙන් මෙතෙක් වාර්තා වී ඇති මරණ ගණන 10ක්.

මෙම භූකම්පනයේ පසුකම්පන අවධානම මත බැංකොක් නුවර රෝහල්වල සිටි පිරිස් ද ඉන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අතරවාරයේ ගැබිණි මවක් බැංකොක් නුවර වීථියක දී දරුවෙකුට ප්‍රසූත කර තිබෙනවා.

මේ අතර, මියන්මාර භූ කම්පනය චීනයේ නිරත දිග යුනාන් පළාතට ද දැනී තිබෙනවා.

එමෙන්ම ඉන්දියාවේ කොල්කටා සහ මනිපූර් වෙතත්, වියට්නාමයේ සහ බංග්ලාදේශයේ ඇතැම් පෙදෙස් වෙතත් භූකම්පනයේ බලපෑම් දැනී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

RECENT ARTICLES - SINHALA

හාල් ආනයනය තවදුරටත්

පාරිභෝගික ජනතාවට හිඟයකින් තොරව සහල් ලබා දීම අරමුණු කර ගෙන ඉදිරියේදී සහල් ආනයනය කිරීමට ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව නිර්දේශ කර තිබෙනවා. අස්වැන්න නෙලන තත්ත්වයක්...

කච්චතිව් ගන්න තමිල්නාඩු ප්‍රධාන ඇමතිගෙන් යෝජනාවක්

තමිල්නාඩු ධීවරයින්ගේ සම්ප්‍රදායික ධීවර අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ක්‍රියාමාර්ග හේතුවෙන් ඔවුන් මුහුණදෙන අභියෝග සමනය කිරීම සඳහා ගත හැකි එකම ස්ථිර විසඳුම...

සිහිසුන්ව සිටි කාන්තාවක් ආයුධ සහ අයිස් සමඟ අත්අඩංගුවට

ටී-56 ගිනි අවියක්, මැගසින් 04 ක් සහ, පතරොම් 113 ක් සමඟ අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් වත්තල පොලීසිය විසින් අත්අඩංගුවට...

POPULAR ARTICLES