මධ්‍යම මියන්මාරයේ ඊයේ (28) ඇති වූ ප්‍රභල භූමිකම්පාවෙන් එරටේ මෙන්ම අසල්වැසි තායිලන්තයේ මියගිය සංඛ්‍යාව 150කට අධික බව වාර්තා වනවා.
විදෙස් වාර්තා සඳහන් කර සිටියේ පුද්ගලයින් 750කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි.
කෙසේ නමුත් තවත් බොහෝ පිරිසක් තවමත් සුන්බුන් අතර සිරවී සිටින බව වාර්තා වනවා.
මියන්මාරයේ පැරණි අගනගරයක් වූ මැන්ඩලේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් එරට වේලාවෙන් ප.ව. 12.50ට පමණ ඇති වූ මෙම භූමිකම්පාවේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 7.7ක්.
කෙසේ නමුත්, එම භූමිකම්පාවෙන් මිනිත්තු කිහිපයකට පසු රික්ටර් මාපකයේ 6.4ක ප්‍රබලත්වයකින් යුත් පසු කම්පන තත්ත්වයක් ද ඇතිවුණා.
මෙම භූමිකාම්පාවල ප්‍රබලත්වය අසල්වැසි තායිලන්තය බැංකොක් නුවරට ද දැනී තිබුණා.
ඒ හේතුවෙන් මියන්මාරයේ මෙන්ම බැංකොක් නුවර ගොඩනැගිලි කිහිපයකට හානි සිදුවුණා.
ඒ අතර බැංකොක් නුවර සම්පූර්ණයෙන්ම කඩාවැටුණු මහල් ගොඩනැගිල්ලක් ද වනවා.
භූ කම්පනයෙන් පසු මැන්ඩලේ ගුවන් තොටුපොළේ මගීන් සහ කාර්ය මණ්ඩලය ඉන් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගත්තා.
එහෙත් තායිලන්තයේ ස්වර්ණ භූමි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් ගමන් කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරුණා.
විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, භූමිකම්පාවෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් සිදුව නෙමැති බවයි.
මියන්මාරය තුළ ශ්‍රී ලාංකිකයින් 200 දෙනෙක් පමණ රැඳී සිටින අතර, බැංකොක් නුවර තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් රැඳී සිටිනු ඇති බව එම අමාත්‍යංශය සඳහන් කළා.