27.7 C
Colombo
Thursday, December 12, 2024

හඳුනා නොගත් වෛරසයෙන් මියගිය ගණන ඉහළට

- Advertisement -

දින කිහිපයක සිට උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කය පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින හඳුනා නොගත් වෛරසයෙන් මියගිය ගණන ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව මෙම උණ රෝගය වැළඳී පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මින් පෙර මෙම උණ රෝගයෙන් පුද්ගලයින් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණා.

මියගොස් ඇති පිරිස අවුරුදු 20-65ත් අතර වයසේ පසුවනන් ද වනවා.

මියගිය පුද්ගලයින්ගෙන් බොහොමයක් තරුණයින් බවත් මියගියවුන් අතර එක් කාන්තාවක් ද සිටින බවත් වාර්තා වනවා.

කෙසේවෙතත් මෙතෙක් එම වෛරසය කුමක්දැයි හඳුනාගෙන නැහැ.

යාපනය රෝහල් ආරංචි මාර්ග පවසන්නේ, මෙම පුද්ගලයින් මියගොස් ඇත්තේ උණ වැළඳීමෙන් පසුව ශ්වසන අපහසුතා මතුවීමෙන් පසුව බවයි.

කෙසේවෙතත් මියගිය පිරිසගේ දේහ කොටස් පරීක්ෂණ කටයුතු සඳහා කොළඹ ජාතික රෝහලට එවා තිබෙනවා.

ඊයේ (11) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යාංශයේ පැවති වසංගත රෝග විද්‍යා අංශයේ මාධ්‍ය හමුවේ දී පවසා තිබුණේ මෙම රෝගය මී උණ බවට සැකයක් පවතින බවත් එය තවමත් ස්ථිර නොවන බවයි.

මෙලෙස මියගිය පිරිස අතර සයදෙනෙකු ම යාපනය දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් බවත් එක් අයෙක් මුලතිව් හි පදිංචි අයෙක් බවත් හෙළිව තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ICC ශ්‍රේණිගත කිරීම්හි ක්‍රීඩකයින් 6ක් පළමු දස දෙනා අතරට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 06 දෙනෙකු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ශ්‍රේණිගත කිරීම්හි පළමු දස දෙනා අතර රැදී සිටිමට සමත්ව තිබෙනවා. ඒ අනුව පන්දුවාර 20...

රජයේ ඉඩමක් දෙන්න අල්ලස් ගත් කාන්තාවක් අත්අඩංගුවට

වගා කටයුතු සඳහා රජයේ ඉඩමක් ලබා දෙන බව පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් 350,000 ක අල්ලස් මුදලක් ලබාගත් කාන්තාවක්  අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා...

දිනමිණ – සිළුමිණ පත්තරවලට අලුත් කර්තෘවරු පත්කරලා

රජයට අයත් ලේක්හවුස් ආයතනය විසින් ප්‍රකාශයට පත්කරන දිනමිණ සහ සිළුමිණ පුවත්පත්වලට නව කර්තෘවරුන් පත්කර ඇති බවට වාර්තා වනවා. දිනමිණ පුවත්පතේ කර්තෘ ලෙස සේවය කළ මනෝජ්...

POPULAR ARTICLES