24 C
Colombo
Wednesday, January 1, 2025

දකුණු කොරියාවේ ගුවන් අනතුරින් මියගිය ගණන ඉහළට

- Advertisement -

දකුණු කොරියාවේ මුආන් ගුවන්තොටුපොළට ගොඩබැස්වීමට උත්සාහ කළ පුද්ගලයින් 181 දෙනෙකු රැගත් මගී ප්‍රවාහන ගුවන්යානයක් අද (29) උදෑසන අනතුරට ලක්වී එහි ගමන්ගත් පිරිසෙන් 122 දෙනෙකු මියගොස් තිබෙනවා.

යානයේ ගමන්ගත් ඉතිරි පිරිස සොයා මෙහෙයුමක් ක්‍රියාත්මක නමුත්, දකුණු කොරියානු බලධාරීන් දැනටමත් පවසා ඇත්තේ, ඔවුන්ගේ ජීවිත සම්බන්ධව වැඩි අපේක්ෂා තබාගත නොහැකි බවයි.

ජේජු ගුවන් සේවාවට අයත් බෝයිං 737 – 800 වර්ගයේ මගී ප්‍රවාහන ගුවන්යානය, තායිලන්තයේ බැංකොක් නුවර සිට දකුණු කොරියාවේ මුආන් ගුවන්තොටුපොළ බලා ගමන් ආරම්භ කර තිබුණේ අද අලුයම් කාලයේදීයි.

යානයේ සිටි පුද්ගලයින් 181 දෙනාගෙන් 175 දෙනෙක් මගීන් වූ අතර, ඉතිරි 6 දෙනා කාර්ය මණ්ඩල සාමාජිකයින් වනවා.

යානය මුආන් ගුවන්තොටුපොළට ගොඩබස්වමින් සිටියදී එහි වේගය පාලනය කරගැනීමට නොහැකිව ධාවන පථය ඔස්සේ ඇදීගොස් එහි තාප්පයක ගැටී අනතුරට ලක්වුණා.

අනතුරත් සමඟ යානය පුපුරා ගිනිගැනීමට ලක්ව මුළුමනින්ම විනාශ වී තිබුණා.

මේ සමඟම ඒ ආසන්නයට පැමිණි ගිනිනිවන අංශ කඩිනමින් ගින්න නිවාදැමීමට උත්සාහ කර තිබුණා.

ඒ වෙනුවෙන් යොදවා තිබූ ගිනි නිවන රථ ගණන 32ක්.

දකුණු කොරියානු මාධ්‍යවලට අනුව යානයේ සිටි මගීන් 175 දෙනාගෙන් 173 දෙනෙකුම දකුණු කොරියානුවන් වන අතර, ඉතිරි දෙදෙනා තායිලන්ත ජාතිකයින් වනවා.

කෙසේ නමුත් දැවැන්ත මෙහෙයුමක් සිදුකිරීමෙන් අනතුරුවත් මුදාගෙන තිබුණේ යානයේ සිටි පිරිසෙන් දෙදෙනෙක් පමණයි.

ඔවුන් දෙදෙනාම කාර්ය මණ්ඩල සාමාජිකයෙක් බවට වාර්තා වනවා.

යානය අනතුරට පත්වූ නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණ කර නැතත්, ගොඩබැස්වීමට පෙර එහි ගොඩබැස්වීමේ පද්ධතියට යම් හානියක් සිදුව ඇති බවට බලධාරීන් සැකපළකරනවා.

කුරුල්ලන් යානයේ ගැටීම ඊට හේතුවන්නට ඇති බව වැඩිදුරටත් වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

නව වසරේ සියලු රාජ්‍ය ආයතනවල නිල උත්සවයක්

නව වසරේ රාජකාරී ආරම්භ කරන අද (01) දිනයේ සියලු රාජ්‍ය ආයතනවල නිල උත්සවයක් පවත්වන ලෙස රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය දැනුම්...

තැනින් තැන වැස්ස

නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය, පොළොන්නරුව, හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනවා.  නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ,...

Breaking: 2025ට අනුරගෙන් භූමිතෙල්

අද (31) මධ්‍යම රාත්‍රි 12 සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඊට අනුව භූමිතෙල්...

POPULAR ARTICLES

නව වසරේ සියලු රාජ්‍ය ආයතනවල නිල උත්සවයක්

නව වසරේ රාජකාරී ආරම්භ කරන අද (01) දිනයේ සියලු රාජ්‍ය ආයතනවල නිල උත්සවයක් පවත්වන ලෙස රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය දැනුම්...

තැනින් තැන වැස්ස

නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය, පොළොන්නරුව, හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනවා.  නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ,...

ලොව විශාලතම පොම්ප කරන ලද ජල විදුලි බලාගාරයේ කටයුතු ඇරඹේ

ලොව විශාලතම පොම්ප කරන ලද ජල විදුලි බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු සම්පූර්ණයෙන් ආරම්භ කළ බව චීන ජල විදුලි සංවර්ධන සමාගම අද (31) නිවේදනය කළා. වර්තමානයේ...