ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලුම රජයේ පාසල් හෙට (11) සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයා දැනුම්දී තිබෙනවා.
පවත්නා අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එම දිස්ත්‍රික්කවල සියලුම පාසල් දින දෙකක් වසා තැබීමට පසුගියදා තීරණය කර තිබුණා.
ඒ අනුව ඊයේ (09) දින සහ අද (10) එම දිස්ත්‍රික්කවල සියලුම පාසල් වසා දැමුණා.
මේ වන විට දකුණු පළාතට වර්ෂාවේ යම් අඩුවීමක් ඇති අතර ඒ අනුව ගං වතුරෙන් විපතට පත් පාසල් හැරෙන්නට අනෙකුත් පාසල් හෙට ආරම්භ වීමට නියමිතයි.