26 C
Colombo
Tuesday, March 18, 2025

දේශබන්දුගේ රිට් පෙත්සමේ නියෝගය අද

- Advertisement -

තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අභියාචනාධිකරණය හමුවේ ගොනුකළ රිට් පෙත්සමේ නියෝගය අද (17) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද ලබා දීමට යන මෙම නියෝගය කල්දමන ලෙස ඉල්ලා දේශබන්දුගේ පාර්ශවය විසින් අධිකරණයට මෝසමක් ගොනු කිරිමේ සැලැසුමක් පිළිබඳ තොරතුරු NEWS 19 වෙත වාර්තා වනවා.

මෙවනි පසුබිමක පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් ඊයේ (16) නිවේදනයක් කරමින් පවසා සිටියේ මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් 06 දෙනෙකු ද රිට් පෙත්සම් ගොනු කරමින් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ඇති බවයි.

ඒ අනුව මූලික විමර්ශන අවසන්වන තෙක් එම හයදෙනා අත්අඩංගුවට නොගැනීමට නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබෙන අතර ඔවුන්ගේ රිට් පෙත්සම් ලබන 21 වැනිදා අභියාචනාධිකරණය හමුවේ කැඳවීමට නියමිතයි.

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ඇන්ස්ලම් ද සිල්වා, වැලිගම පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපති උපුල් කුමාර ඇතුළු සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත්වරයා ඉකුත් පෙබරවාරි 28 වැනිදා නියෝග කළා.

ඒ, 2023 වසරේ දෙසැම්බර් 31 වැනිදා වැලිගම ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමේදී මනුෂ්‍ය ඝාතනයකට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව මතයි.

එවන් පසුබිමක තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා දේශබන්දු තෙන්නකෝන් පසුගිය 10වනදා අභියාචනාධිකරණය හමුවේ රීට් පෙත්සමක් ගොනු කරනු ලැබුවා.

කෙසේ වෙතත් අත්අඩංගුවට ගැනීමේ නියෝගය නිකුත් කර දින සිට සති තුනකට ආසන්න කාලයක් ගතව තිබුණ ද හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මේ දක්වා සොයාගැනීමට නොහැකි වී තිබෙනවා.

පොලිස් කණ්ඩායම් 06ක් ඔහු සොයා විමර්ශන සිදුකරන බවයි පැවසෙන්නේ.


RECENT ARTICLES - SINHALA

අදානි ව්‍යාපෘතිය ගැන තවදුරටත් සාකච්ඡා

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සම්න්ධයෙන් අදානි සමාගම තවදුරටත් සාකච්ඡා පවත්වමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා. ඉන්දියාවේ "ද හින්දු පුවත්පත" වාර්තා කර ඇත්තේ අදාළ...

නාගලගම් වීදියේ වෙඩිතැබීම ගැන තවත් තොරතුරු

ග්‍රෑන්ඩ්පාස් - නාගලගම් වීදිය ප්‍රදේශයේ දී ඊයේ (17) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන මෝදර නිපුනගේ ගෝලයින් දෙදෙනෙකු...

සෞඛ්‍ය වෘත්තිකයින් අද සිට සංඛේත වැඩ වර්ජනයක

දීමනා කප්පාදුවට එරෙහිව සෞඛ්‍ය වෘත්තීය සමිති 19ක් අද (18) පෙරවරු 7.00 සිට සංඛේත වැඩවර්ජනයක නිරත වීමට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය තීරණය කර තිබෙනවා. ඒ අනුව අද...

POPULAR ARTICLES

අදානි ව්‍යාපෘතිය ගැන තවදුරටත් සාකච්ඡා

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සම්න්ධයෙන් අදානි සමාගම තවදුරටත් සාකච්ඡා පවත්වමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා. ඉන්දියාවේ "ද හින්දු පුවත්පත" වාර්තා කර ඇත්තේ අදාළ...

නාගලගම් වීදියේ වෙඩිතැබීම ගැන තවත් තොරතුරු

ග්‍රෑන්ඩ්පාස් - නාගලගම් වීදිය ප්‍රදේශයේ දී ඊයේ (17) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන මෝදර නිපුනගේ ගෝලයින් දෙදෙනෙකු...

ශ්‍රී ලංකා  – නවසීලන්ත කාන්තා තෙවන 20යි 20 තරඟය අත්හිටුවයි

ශ්‍රී ලංකාව සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම් අතර තුන්වන සහ අවසාන විස්සයි විස්ස තරඟය වර්ෂාව හේතුවෙන් තීරණයකින් තොරව අවසන් වී තිබෙනවා. තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී...