26 C
Colombo
Friday, October 18, 2024

සුරාබදු බලපත්‍ර ගැන තීරණයක්

- Advertisement -

සුරාබදු බලපත්‍ර ලබාදීම නතර කර නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ, අදාළ බලපත්‍ර ලබාදීමේ කටයුතු නිසි ක්‍රමවේදයක් යටතේ සිදුකිරීමට උපදෙස් ලබා දී ඇති බවයි.

සුරාබදු බලපත්‍ර ලබාදීම නතර කර ඇති බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මේ බව සඳහන් සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු,

“සුරාබදු බලපත්‍ර ලබාදීම අපි ඉතාමත් ක්‍රමානුකූල ක්‍රමයකට තමා අපි කරන්නේ. ඒකට පාර්ලිමේන්තුවේ අනුමත වූ නීතිරීති මත යම් කෙනෙක් බලපත්‍රයක් ඉල්ලුවහම විරෝධතා කැඳවීම්, ප්‍රදේශයේ ජනතාවගේ විරෝධය, මේ සියලු දේ බලලා තමා නිකුත් කිරීම කරන්නේ. කෙසේවෙතත් මට සුරාබදු දෙපාර්තමේන්තුව වාර්තා කළේ, උසාවිය විශේෂයෙන්ම කියලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ අනුමත නීතිරීති මත පමණක් බලපත්‍ර නිකුත් කරන්න කියලා. ඒක සුරාබදු බලපත්‍ර ලබාදීම නැවැත්වීමක් නෙමෙයි. නීතිරීති වඩාත් ක්‍රියාත්මක කරන්න කියලා දුන්න දෙයක්. ඒක ඉතාමත් හොඳයි. අපි දැනටමත් ඒක අනුගමනය කරනවා. සපුරා බලපත්‍ර ලබානොදීමක් නෑ.”

RECENT ARTICLES - SINHALA

ආදායම් වියදම් වාර්තා ගැන මහ මැතිවරණ අපේක්ෂකයන්ට පණිවිඩයක්

මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් සිය වියදම් සහ ආදායම් වාර්තා පවත්වාගෙන යාම සඳහා වෙනමම පුද්ගලයෙකු පත් කරගැනීමට කටයුතු කිරීම සුදුසු බව පැෆ්රල් සංවිධානය...

ZD ඇළේ මියගිය අයෙකුගේ සිරුරක්

අරලගංවිල පොලිස් වසමේ ZD ඇළේ පිඹුරත්තෑව ප්‍රදේශයේ මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් තිබෙන බවට 119 දුරකථන අංකයට ලද තොරතුරක් අනුව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. මරණකරු වයස...

නිල නිවාස භාර නොදුන් හිටපු ඇමතිලාට යළි සිහි කැඳවීම්

රජයේ නිල නිවාස භාර දෙන්නැයි හිටපු ඇමතිවරුන්ට යළි සිහි කැඳවිම් කළ බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ...

POPULAR ARTICLES

ළමයි කැමති විදියට ඡන්දෙ දෙන්න එපා – තොණ්ඩමන්

ජනාධිපතිවරණයේදි වතුකරයේ ජනතාව තම දරුවන්ගේ කැමැත්තට අනුව ඡන්දය භාවිතා කළ බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් හිටපු අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා. ඒ අනුව, ජනපතිවරණයේදී...

තෙල් මිල ගැන රජයෙන් විශේෂ තීරණයක්

මැදපෙරදිග පවතින යුද තත්ත්වය සමග තෙල් මිල ඉහළ ගියහොත් මිල පාලනය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමට රජය විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා අද (15) පැවති...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (16) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...