29 C
Colombo
Monday, April 21, 2025

ඉරිදා උපකාරක පන්ති ගැන තීරණයක්

- Advertisement -

ඉරිදා දිනයේ දී දහම් පාසල් පැවැත්වෙන කාලසීමාව තුළ සාමාන්‍යපෙළ සහ උසස්පෙළ හැර අනෙකුත් ශ්‍රේණි වලට උපකාරක පංති පැවැත්වීම ගැටළුවක් බවට පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක මහතා පවසනවා.

අද පාර්ලිමේන්තුවේ දී මෙම ගැටළුව සම්බන්ධයෙන් රජය වශයෙන් කිසියම් තීන්දුවක් හෝ නියාමනයක් ගෙන ඇත්ද යන්න අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගෙන් මන්ත්‍රීවරයා විමසා සිටියා.

ඊට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ මේ සම්බන්ධයෙන් ආගමික නායකයින්ගෙන් ද විවිධ ඉල්ලීම් ලැබී ඇති බවයි.

මේ පිළිබඳව අදාළ පාර්ශ්වයන් සමඟ සාකච්ඡා සිදුකරමින් පවතින බවත්, ඒ අනුව සුදුසුම පියවර ගැනීමට ඉදිරියේ දී කටයුතු කරන බවත් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවා.

මේ අතර පෞද්ගලික උපකාරක පංති නියාමනය කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ කිසිඳු පුතිපත්තියක් මේ වනවිට ක්‍රියාත්මක නොවන බව ද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියා.

RECENT ARTICLES - SINHALA

නැහැ කියපු VIP පෝළිම මෙන්න

සිරි දළඳා දැක්මට සහභාගී වන දහස්ගණනන් ජනතාව පෝළිමේ සිටියදී, දළඳා දැක්ම ආරම්භ වන මොහොතේ විශේෂ පෝළිමකින් දිනකට දෙදහසකට වැඩි පිරිසක් දළඳා වන්දනාවට සහභාගී කරගන්නා...

චාමර යළිත් රිමාන්ඩ්

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා යළිත්  රක්ෂිත බන්ධානාගාර ගත කිරිමට නියෝග කර තිබෙනවා. බදුල්ල මහෙස්ත්‍රාත් නුජිත් ද සිල්වා මහතා විසින් අද (21) එම...

මැතිසබයේ වියදම් ගැන විගණනයක්

පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු නවයේම පසුගිය වසර දහයක කාලයක සිදු කර ඇති සම්පූර්ණ වියදම් සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය විශේෂ  විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. එම කාර්යාලය මෙම විමර්ශනය ආරම්භ...

POPULAR ARTICLES