26 C
Colombo
Wednesday, January 22, 2025

මාලිමා ඇමතිගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම ගැන තීරණයක්

- Advertisement -

ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම සලකා බැලීම සඳහා පෙබරවාරි මස 19 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය නියම කර තිබෙනවා.

ඒ, එම පෙත්සම අද (22) අභියාචනාධිකරණ විනිසුරු මහේන් ගොපල්ලව මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී විනිසුරුවරයා පෙන්වා දුන්නේ පෙත්සම තුළින් පෙත්සම්කරුවන් අතුරු සහන ඉල්ලීමක් අපේක්ෂා කරන බැවින් වගඋත්තරකරුවන් සියලු දෙනාට නොතීසි ලබාදීමෙන් අනතුරුව පෙත්සම සලකා බැලීම සුදුසු බවයි.

ඒ අනුව මේ මස 27 වන දාට පෙර සියලු වග උත්තරකරුවන්ට නොතිසි යැවීමට පියවර ගන්නා ලෙසත් විනිසුරුවරයා විසින් පෙත්සම්කාර පාර්ශ්වයට නියෝග කළා.

අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හෙරත් මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ, පාර්ලිමේන්තු මහ ලේකම්, රුහුණු විශ්වවිද්‍යාලය සහ එහි උප කුලපති ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

පෙත්සම්කරු කියා සිටින්නේ අමාත්‍ය ආචාර්ය. උපාලි පන්නිලගේ මහතා පසුගිය මහ මැතිවරණයෙන් අනතුරුව ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් පාර්ලිමේන්තුවට පත්කළ බවයි.

උපාලි පන්නිලගේ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත් කරන අවස්ථාවේදී ඔහු රුහුණු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා මහාචාර්යවරයෙකු වශයෙන් සේවය කරමින් සිටි බවට තොරතුරු ලැබී තිබෙන බවත් පෙත්සමේ සඳහන්.

රජයේ සේවයේ නිරතව සිටියදී මෙලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 ව්‍යවස්ථාව යටතේ නීතියට පටහැනි බවත් එය පාර්ලිමේන්තුවට තේරී පත්වීමට නුසුදුසුකමක් බවත් පෙත්සමේ පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණ පනත හා අනෙකුත් ව්‍යවස්ථාපිත නීතීන් අනුව අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාට පාර්ලිමේන්තුවට තේරී පත්වීමට, අසුන් ගැනීමට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් නොමැති බවට තීන්දු කරන ලෙස පෙත්සම්කරු ඉල්ලා සිටිනවා.

උපාලි පන්නිලගේ මන්ත්‍රී ධුරය දැරීම සඳහා නුසුදුසු පුද්ගලයෙක් බවත් ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන කෝ වොරෙන්තෝ මැන්ඩා මූස් රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ද පෙත්සම මඟින් ඉල්ලා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

නුවර – මහියංගන මාර්ගයේ යන අයට දැනුම්දීමක්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මහනුවර - මහියංගනය මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පැවසුවේ මහනුවර - මහියංගනය මාර්ගය කහටගොල්ල...

රනිල් දුන්න බාර් පර්මිට් අහෝසි කරන්න බැහැ  – බිමල්

ජාතික ජන බලවේග ආණ්ඩුව නව මත්පැන් බලපත්‍ර ලබා නොදෙන බවත්,පසුගිය රජය නීත්‍යනුකූලව ලබා දුන් මත්පැන් බලපත්‍ර නවතා දැමීමට කටයුතු කළහොත් නීතිමය ගැටලුවකට මුහුණ දීමට...

පූජිතටයි හේමසිරිටයි මහාධිකරණය දුන් නියෝගය

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාදී ලෙස රාජකාරිය පැහැර හැරීම ඇතුළු...

POPULAR ARTICLES

නුවර – මහියංගන මාර්ගයේ යන අයට දැනුම්දීමක්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මහනුවර - මහියංගනය මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පැවසුවේ මහනුවර - මහියංගනය මාර්ගය කහටගොල්ල...

රනිල් දුන්න බාර් පර්මිට් අහෝසි කරන්න බැහැ  – බිමල්

ජාතික ජන බලවේග ආණ්ඩුව නව මත්පැන් බලපත්‍ර ලබා නොදෙන බවත්,පසුගිය රජය නීත්‍යනුකූලව ලබා දුන් මත්පැන් බලපත්‍ර නවතා දැමීමට කටයුතු කළහොත් නීතිමය ගැටලුවකට මුහුණ දීමට...

ටෙස්ට් තරඟාවලියේ ටිකට් මිලදී ගැනීම ගැන දැනුම්දීමක්

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ලබන 29 වනදා ආරම්භ වීමට නියමිත තරග 02 කින් යුත් ටෙස්ට් තරගාවලිය සදහා ප්‍රවේශපත්‍ර මේ වන විට මිලදී ගත...