30 C
Colombo
Thursday, September 19, 2024

ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍රය ගැන ගත් තීරණය

- Advertisement -

5 වසර ශිෂ්‍යත්ව විභාගයේ මතභේදයට තුඩු දුන් පළමු ප්‍රශ්න පත්‍රයේ, ප්‍රශ්න තුනක් විධිමත් පරීක්ෂණයකින් අනතුරුව ඉවත් කිරීමට විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා තීරණය කර තිබෙනවා.

විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසා සිටියේ, ශිෂ්‍යත්ව විභාගයේ පළමු පත්‍රයේ අදාළ ප්‍රශ්න තුනට සමාන ප්‍රශ්න තුනක් ආදර්ශ ප්‍රශ්න පත්‍රයක් හරහා අලව්ව ප්‍රදේශයේ, ගුරුවරයෙකු විසින් සමාජ මාධ්‍යයට එක්කර ඇති බවට ලද තොරතුරු මත විමර්ශනයක් සිදුකරන බවයි.

ඒ අනුව අද දිනයේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය සකස් කළ කමිටුව කැඳවා, සාකච්ඡා කර ඇති අතර, එහිදී අදාළ ප්‍රශ්න තුන ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

හෙට (18) දිනයේ දී විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් අදාළ ප්‍රදේශයට ගොස් මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට නියමිත අතර, ඔවුන්ගේ වාර්තාවෙන් අනතුරුව අවසන් තීරණයක් ගන්නා බව අමිත් ජයසුන්දර මහතා පවසනවා.

මේ අතර, මෙවර ශිෂ්‍යත්ව විභාගයට 323,879 දෙනෙකු අපේක්ෂකයින් වශයෙන් ඉදිරිපත්ව ඇති අතර, සිංහල මාධ්‍යයෙන් අපේක්ෂකයින් 244,092ක්ද ද්‍රවිඩ මාධ්‍යයෙන් අපේක්ෂකයින් 79,777ක පෙනී සිට තිබෙනවා.


https://www.news19.lk/the-scholarship-question-paper-is-already-out

RECENT ARTICLES - SINHALA

Breaking: කුරුණෑගලත් වෙඩි තැබීමක්

කුරුණෑගල - රස්නායකපුර ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් 30 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. පොලීසිය පැවසුවේ නාඳුනන වෙඩික්කරුවෙක් විසින් එම වෙඩි තැබීම සිදුකර ඇති බවයි. මෙය පසුගිය පැය...

තරඟයට වර්ෂාවෙන් බාධා

සංචාරක නවසීලන්තය සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර මීට ටික වේලාවකට (19) පෙර ගාල්ලේ දී ආරම්භ පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනයට වර්ෂාවෙන් බාධා එල්ල වී...

පුපුරණ ද්‍රව්‍ය සමග සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට

පුපුරණ ද්‍රව්‍ය සමග සැකකරුන් සිව්දෙනෙකෙු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාඋල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (18) අලුයම නාඋල බිබිල ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී මෙම...

POPULAR ARTICLES

1999 ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා සියල්ල පාවා දෙමින් සම්මුඛ සාකච්ඡාවක

0
මාධ්‍යවේදියෙකු සහ ගේය පද රචකයෙකු වූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ඝාතනය කර දැමුවේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් බව නන්දන ගුණතිලක මහතා...

රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත්...

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය කලින්ම පිටවෙලා

පසුගිය 15 වැනි දින පැවති පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ජයාරූප ගතකර බේදා හරින ලද බව කියන ශාලාධිපතිවරයෙකු ඇතුළු ගුරුවරු...